Daily News
Trending

චිත්‍රාල්ගෙන් ලෝක පූජිත දලයිලාමා තුමාට ගීතයක්.




ප්‍රවීන ගායන ශිල්පී චිත්‍රාල් සෝමපාල ඔහුගේ අලුත්ම ගීතය ටිබෙටයෙහි අද්‍යාත්මික සහ රාජ්‍ය නායකයා වන දලයිලාමා තුමාට පිළිගැන්වූවා. පසුගිය 14 වැනිදා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී තමයි මේ පිළිගැන්වීම සිදුව තිබෙන්නේ. ” මහමෙරක් සේ ” යන නමින් නම් කර තිබෙන මෙම ගීතයේ පද රචනාව දමේන්ද්ර පෝරගේ විසින් සිදුකර තිබෙනවා. ශ්‍රී ලාංකේය ගායකයකුගේ ගීයක් මෙලෙස දලයි ලාමා තුමාට පිළිගන්වන්නේ පළමු වතාවට. ඉදිරි දිනක මෙම ගීතයට අදාල වීඩියෝවත් ඉන්දියාවේදී නිම කිරීමට චිත්‍රාල් අදහස් කරගෙන සිටිනවා. අද්‍යාත්මික කතාවක් පාදක කරගත් ගීතයක් වන මෙම ගීතය දලයිලාමා තුමාට පිරිනමන්නට අවස්ථාව උදා වීම තමන් ලැබූ භාග්‍යක් සේ චිත්‍රාල් සළකනවා.

Tags
Show More
Close