Daily News
Trending

චිචී පිස්තෝල එක්ක කරන සෙල්ලම් හෙලිවෙයි. – රෝහිත රාජපක්ෂ




මේ වෙලාව තරමක අවිනිශ්චිත වෙලාවක්. මොනවා වෙනවද මොනවා කරනවද කියලා හිතාගන්න බෑ.

ඒ අල්ලපනල්ලේ තමයි චිචී පිස්තෝලයක් අරගෙන වෙඩි තියන වීඩියෝවක් අන්තර්ජාලයට එකතු වෙන්නේ.

කවුරුවත් කලබල වෙන්න අවශ්‍ය නෑ. චිචී හෙවත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ බාලම පුතා දේශපාලනයට සම්බන්ධ නැහැනේ. එයා කලාව එක්ක තමයි වැඩිපුරම ගනුදෙනු කරන්නේ. චිචී ගීත ගායනයට දක්ෂයි. ඔහුගේ ගීත කීපයක්ම මේ වෙද්දී නිර්මාණ බවට පත්වෙලා ඉවරයි. ඒ නිර්මාණ සියල්ලෙහිම මියුසික් වීඩියෝවට චිචී රංඟනයෙන්ද සහභාගී වෙනවා. ඔහුට රංඟනයේ ද හොඳ හැකියාවක් ඇති බව ඒ වීඩියෝ බැලුවම පැහැදිලිව පේනවා.

චිචී ඉදිරි දිනෙක ඔයාලට තිළිණ කරන්න සූදානම් වන අලුත්ම ගීතය ඔහු නම් කරලා තියෙන්නේ “සලෙලි හද” කියලා. මේ ගීතයට මියුසික් වීඩියෝව නිර්මාණය වෙන්නේ වෙනස් ආර්ට් එකකට. සලෙලි හද කියන්නේ ලංකාවේ මියුසික් වීඩියෝ කලාවට අලුත් එකතු කිරීමක් කිව්වොත් නිවැරදියි. මෙම මියුසික් වීඩියෝවෙහි පූර්ව ප්‍රචාරක පටය මේ වනවිට යූ ටියුබ් වෙත මුදාහැර තියෙනවා.

චිචී පිස්තෝලයක් අතේ තියාගෙන වෙඩි හුවමාරු කරගන්නා දර්ශන එහි දැක්වෙනවා. ඇත්තටම පූර්ව ප්‍රචාරක පටය ඉතාම ආකර්ශනීයව නිර්මාණය වී තිබෙන බව කියන්නම ඕනේ.

අපිත් සලෙලි හද සම්පූර්ණ නිර්මාණය රසවිඳීමේ අපේක්ෂාවෙන් බලා ඉන්නවා. කලාවට දේශපාලන කෝන්තර අදාල නැහැනේ. චිචීගේ නිර්මාණ වගේම කලා භාවිතාවත් අපි අගය කරනවා. ඒ වගේම ඔහුගේ ගමනට අපි සුබපතනවා.

සලෙලි හද ගීතයේ පද රචනය මාලනී ලියනගේගෙ. සංගීතය රදීෂ වැන්දබෝනාගේ. ගායනය රෝහිත රාජපක්ෂගේ.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close