
තට්ටයා මම හිත හොද තට්ටයා… කියන පද පේලී ටික ඇහෙනකොට මතක්වෙන ලස්සන තට්ටයෙක් ඉන්නවා. ඒ තමයි මේ ගීතය ගායනා කරන රොනී ලීච්. රොනි කියන්නෙ බොහොම සිනහාවෙන් ක්ෂේත්‍රයේ අය සමඟ මෙන්ම රසිකයා සමඟත් බොහොම සිනහාවෙන් ඉන්න කෙනෙක්.
පසුගිය දවසක රොනි අවන්හලකින් චිකන් බුරියානි තිස් දෙකක් ඕඩර් කරලා තිබුනලු. හැබැයි ඒ අවන්හලින් ඕඩර් කරපු කෑම පාර්සල් ගෙනාවම රොනි කියලා තියෙන්නේ ඔහු එහෙම ඕඩර් කලේ නෑ කියලා. හැබැයි රොනිගේ නම්බර් එකෙන් තමයිලු මේ කෝල් එක ඇවිත් තියෙන්නේ. හැබැයි රොනි කියන්නෙම තමන්වත් ගෙදර අයවත් එහෙම කතා කලේ නැහැ කියලා.
කොහොම වුනත් අන්තිමට රොනිට හොඳටම කේන්ති යනවා. ඉතින් ඊට පස්සෙ තමයි මේ අවන්හලෙන් කතා කරපු කෙනා කියන්නෙ තමන් කවුද කියලා. එක්තරා වැඩසටහනකදී ඉරාජ් වීරරත්න තමයි මෙහෙම රොනිව බයිට් කරලා තියෙන්නේ.