Daily News
Trending

චාමික සිරිමාන්න සංගීතය අතහරී?




චාමික සිරිමාන්න මීගමුව වයික්කාල ප්‍රදේශයේ videography සහ photography ස්ටූඩියෝ එකක් පටන්ගත්තනෙ. මේ දවස්වල චාමික වෙහෙසෙන්නෙ ඒ වැඩ වලට. එකපාරටම photography පැත්තට හිත ගියේ චාමිකට සංගීතය එපාවෙලා නිසාද? කොහොම වුණත් ඡායාරූප ශිල්පය කියන්නෙ චාමික පාසල් වයසේදි ඉඳලම ප්‍රිය කරපු විෂයක්. ඒ කාලෙ ඉතිං ආසාව තිබුණට කැමරා නැහැනෙ ඉගෙනගන්න. ඉතිං රීල් දාලා දුවන කැමරාවක් කොහොම හරි තිබිලා තියෙනවා. ඒක ගන්න සල්ලි හොයාගෙන තියෙන්නෙ බෑන්ඩ්වල සෙල්ලම් කරලා. මේ විදියට පටන්ගත්ත ඡායාරූප පිස්සුව තමයි ස්ටූඩියෝ එකත් එක්ක මල්ඵල ගන්නෙ. ඉතිං දැන් ඔන්න ඔයාලගෙ වෙඩිං, පාටි ඕනෙම එකක ඡායාරූප ගන්න ඕනෙ නම්, වීඩියෝ කරගන්න ඕනෙ නම් චාමිකලගේ ස්ටූඩියෝ
එක සම්බන්ධ කරගන්න පුළුවන්. මේ දවස්වල පොඩි promotion වැඩක් විදියට චාමික නොමිලේ ගීත ගායනා කිරීමකුත් කරනවාලු. පස්සෙ සාධාරණ
පැකේජ් එකක් එක්ක ඔයාලට මේ සේරම ලබාගන්න පුළුවන් වෙයි. චාමිකගෙ අලුත් වැඩේට අපි සුබපතනවා. ඒ වගේම අපි හිතනවා චාමික ගායනයයි ඡායාරූපකරණයයි දෙකම සමබරව කරගෙන යයි කියලත්.

Tags
Show More
Close