
Chanuka Prabuddha’s Girlfriend Exclusive from Starfiends.lk
මෑතකදී ටෙලි රංඟන ක්ෂේත්‍රයට පිවිසුණ චානුක (Chanuka) සකූගේ කතාව කියන්න ජනප්‍රිය මෙගා නාට්‍යයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමත් සමඟ එක රැයින් අතිශය ජනප්‍රිය වුණා. මීට කලිනුත් චානුක මිතූ ටෙලිනාට්‍යයේ ශලනි තාරකා (Shalani Tharaka) සමඟ ප්‍රධාන චරිත නිරූපණය කළා. කොහොම වුණත් තමන්ගේ දෙවැනි ටෙලිනාට්‍යයේ රඟපාද්දී මේ තරම් ජනප්‍රියත්වයක් අත්පත් කරගෙන සිටීම නවක නළුවකු ලෙස ඔහු ලැබූ ජයග්‍රහණයක්.
චානුක නම් තවමත් කියන්නේ තමන් සියයට සියයක් සාර්ථක නැහැ කියලා. නමුත් පළමු නිර්මාණයට සාපේක්ෂව ගත්තාම නම් හොඳ තැනක ඉන්නවා කියලා ඔහු හිතනවා.
ලස්සන රූපයක් තියෙනවා නම් නළුවෙක් වෙන්න පුළුවනි කියලා විශ්වාස කරපු කාලයකුත් චානුකට තිබුණා. ඒත් රංඟනය කියන්නේ මහ මුහුද වගේ සුවිශාල ක්ෂේත්‍රයක් කියලා ඔහුට වැටහෙන්නේ ඔහුත් මුහුදු රළ පෑගුවාට පස්සේ. ඒ නිසා ඔහුට තව ඉගෙන ගන්න දේවල් බොහෝමයක් තියෙනවා.
කවදා හරි දවසක සිනමා රංඟනයේ නිරතවීම තමයි චානුකගේ සිහිනය. ඔහු ෆීල්ඩ් එකට එන්නේම රසික ආකර්ශනය එක්ක. ඒ සඳහා ඔහුට කඩවසම් පෙනුමක් තිබුණා. ලස්සන රූපයක් තිබුණා. මේ වෙද්දී ඒ ආකර්ශනය චානුකට නොඅඩුව ලැබෙනවා.
කලින් පෙම්වතකු වෙලා සිටියත් චානුක තවම නම් තනිකඩයි. හැබැයි චානුකට පෙම්වතියක් ඉන්නවා. ඇගේ නම කලාව. කලාවට පෙම් බඳින චානුක කලකට ඉහත දී නම් පෙම්වතෙක්. ඒ සම්බන්ධය දැන් නැහැ. ඒ නිසා චානුක වෙනුවෙන් ඔන්න ඇබෑර්තුවක් තියෙනවා.
Chanuka Prabuddha’s Girlfriend Exclusive from Starfiends.lk