
දිනේෂ් චන්දිමාල් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න දක්ෂ ක්‍රීඩකයෙක්. අනෙක් ක්‍රීඩකයන්ට අමතරව චන්දිමාල්ගේ ආකර්ශණීය පෙනුම නිසා මෙයාට ආස කරන හොයලා බලන රසිකාවියනුත් වැඩියි.
පසුගිය දවසක චන්දිමාල් ගැන බොහෝ දෙනෙක් නොදන්න දේවල් ගැන ඔහුගේ බිරිද කියලා තිබුණා. ඒ අතරේ වැදගත්ම දේ තමයි චන්දිමාල් මැච් එකක් පැරදුන දවසට හැසිරෙන විදිය ගැන කියපු කතාව. මැච් එකක් පැරදිලා ආපු දවසට ගෙදර කවුරුවත් චන්දිමාල් ළඟට යන්නේ නැහැලු. එදාට තනියම තමයිලු ඉන්න කැමති. කවුරුවත් එයා එක්ක කතා කරනවටවත් කැමති නැහැලු එයා.
පැරදුන දවසට හරියට චන්දිමාල්ට කේන්ති යන්වලු. එයා කරන්නේ තනියම ඉදලා තමන්ට වුන වැරදි කලපනා කරලා සූදානම් වෙන එකලු. චන්දිමාල්ගේ බිරිද තව කියපු විදියට ඔහු ගෙදර ඉන්න දවසට වැඩිපුරම කැමති කිරිකොස්, බලමාලු, හාල්මැස්සො එක්ක රතු බත් කන්නලු.