
Anusha Damayanthi Exclusive from Starfriends.lk
ලංකාවේ දැනට සිටින සුපිරිම beautician කෙනෙක් තමයි චන්දිමාල් ජයසිංහ කියන්නේ. ඔහු ලෝක රූ රැජණ තරඟ සංවිධායකයකු ලෙසත් ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් අත්පත් කරගෙන සිටිනවා. චන්දිමාල් මේ වන විට නිරූපණ ක්ෂේත්‍රයට දායාද කරපු පිරිස ද සැළකිය යුතු ප්‍රමාණයක්. තවමත් තාරුණ්‍යය ගතකරන මේ සුපිරි රූපලාවන්‍ය ශිල්පියා මනාලියන් හැඩගැන්වීමේදී ද ඉදිරියෙන් ඉන්නවා.
මාධවී වත්සලා කියන්නේ මේ වසරේ ඔහු අතින් හැඩ වුණ සුන්දරම මනාලියක්. ඇය රෝයල් සංස්කෘතියට ගැලපෙන ආකාරයට වගේම උඩරට සම්ප්‍රදායික මනාලිය ලෙසත් හැඩගැන්වුණේ චන්දිමාල්ගේ අතින්.
චන්දිමාල් මේ විධියට සුන්දරව සරසන ඊළඟ මනාලියවත් ඔයාලා කවුරුත් හොඳින් දන්නවා. ඇය අනූෂා දමයන්ති. අනූෂාගේ විවාහයත් ඔන්න ළඟ ළඟම එනවා. මේ දවස්වල චන්දිමාල් මහන්සි වෙන්නේ ඒ වැඩ කටයුතු වෙනුවෙන්. ඒ බව ඔහු ෆේස්බුක් පෝස්ට් එකක් ද පළ කරමින් දන්වා තිබුණා.
අපි බලමු චන්දිමාල් අනූෂාව කොයි විදියට වෙනස් කරාවිද කියලා. අනූෂා තරමක් වැඩිපුර විලාසිතා කරන කෙනෙක්. ඒ නිසා චන්දිමාල්ට නිදහස තියෙනවා ඇයව ඕනම විධියට වෙනස් කරන්න. විවාහයට බාලගිරි දෝෂය උදාවෙලා තිබුණ අනූෂා මනාලියක් වෙලා එනවා දකින්න ඇගේ රසික රසිකාවන් හුඟක් ආසාවෙන් ඉන්නේ. අපි ඒ විස්තර පසුවට තියමු.
Anusha Damayanthi Exclusive from Starfriends.lk