
ඝරසර්ප කියන්නෙ ජයන්ත චන්ද්‍රසිරිගේ අලුත්ම සිනමා නිර්මාණය. ඉදිරියේ දිනක ඝරසර්ප තිරගත වීමට නියමිතයි.
අපි මේ කියන්න හදන්නෙ ඝරසර්ප නිසා ලෝක වාර්තාවකට සැරසෙන අම්මා කෙනෙක් සහ දුවක් ගැන. අම්මා තමයි අපි කවුරුත් හොඳින්ම හඳුනන සමිතා මුදුන්කොටුව. දුව තමයි කාවින්ද්‍යා අධිකාරි. ඝරසර්ප සඳහා ප්‍රධාන නිළිය ලෙස ජයන්ත යෝජනා කරන්නෙ කාවින්ද්‍යාව. ඇය මීට පෙර රඟපාලා නොතිබුණත් සමිතා මේ යෝජනාව ඇහුවම හුඟක් පුදුම වෙනවා. මොකද ජයන්ත වගේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් සිනමාවට ආධුනික තමන්ගේ දියණියව ප්‍රධාන චරිතයට ඉල්ලුවාම සමිතාට ඒක පුදුමයක්. ඒ වගේම සතුටක්.
කොහොමද මේ ආරාධනය ලෝක වාර්තාවක් බවට පරිවර්තනය වෙන්නෙ. ඒක වෙන්නෙ මෙහෙමයි. තමන්ගේ දියණිය ප්‍රධාන චරිත රඟදක්වද්දි ඒ සිනමා නිර්මාණයට පසුබිම් ගීත ගායනයෙන් සම්වන්ධ වන්නෙ සමිතා. දුවගෙ රංඟනයට අම්මා පසුබිමින් ගීත ගායනා කරන අවස්ථාව ඉතාම විරලයි. බොහෝ විට මෙය ලෝක වාර්තාවක් විය හැකි බව තමයි ආරංචිය.
සමිතා තමන්ට ලැබුණ මේ අවස්ථාව ගැන හුඟක්ම සතුටෙන් කතා කරනවා.
මේ තරම් දුරක් සමිතා ආවේ හුදෙකලා ගමනක්. දරු දෙන්නෙක් එක්ක ඇය ආපු මේ ගමන ගැන අද ඇය හුඟක් සතුටු වෙනවා. තමන්ගෙ දියණියගේ රංඟන කුසලතාව ඇය දකින්නෙ පහුගිය දවසක තරංගනී ශාලාවෙදි පැවැති ඝරසර්ප මංගල දර්ශනයෙදි. ඒ වෙලාවේ ඇයට ඇතිවූ සතුට වචනයෙන් විස්තර කරගන්න බැරි තරම් කියලත් ඇය කියනවා.