
හිමාලි සිරිවර්ධන මේ දවස්වල වැඩිපුර පේන්න නැත්තෙ මව් පදවිය ලැබුණ නිසා කියලා ඔයාලා දැන් දන්නවනේ. හිමාලි ආසාවෙන් හිටියේ එයා වගේ නටන්න එහෙම දක්ෂ චූටි කෙල්ලක් ඉපදෙනවට. ඒ වුණාට හිමාලිගෙ සැමියා අපේක්ෂා කරපු විදියට ඉපදුනේ චූටි කොලු පැට්ටෙක්. මේ පැටියට හිමාලිගෙ ආදරේ අඩුවක් නැහැ.
හිමාලිලා විවාහවෙලා අවුරුදු දහයක් ගතවුණත් ඒ වසර දහයටම දරුවෙක් හදන්න සැලසුම් කරලා තිබුණෙ නැහැ. ඉතිං ඒ තරම් කාලයක් දරුවෙක් ගැන නොහිතපු එක ගැන හිමාලිට පසුතැවීමක් නැතිව නෙමෙයි. ගෙවුණ කාලයේ වෘත්තීය ජීවිතය සම්බන්ධයෙන් පසුතැවුණේ නැතිවුණත් දරුවෙක් හදන්න ඉස්සර වුණානම් කියන හැඟීම ඇයට තියෙනවා.
චූටි පුතාව ගෙදර තියලා ආයේ රංඟනයට එනවද කියන කාරණය තවම හිමාලි හිතලාවත් නැහැ. එහෙම ගියොත් හිමාලිව මානසිකව වැටෙයි කියලත් එයා හිතනවා.
දැනට නම් හිමාලිට අම්මා අක්කා දෙන්නම උදව් කරනවා. බබා ලැබුණ නිසා චුට්ටක් විතර මහත් වෙලාත් ඉන්න නිසා හිමාලිට ආයේ කවදා රඟපාන්න වෙයිද කියලා හරියටම කියන්න බැහැ. ඒත් ඇය දවසක ආයෙත් තිරයේ දකින්න ලැබේවි කියලා තමයි අපි විශ්වාස කරන්නේ.
හිමාලිගේ හස්බන්ඩ් තවම චූටි පුතාව වඩාගන්න බයයි. ඉතිං හිමාලිට ඒ නිසා තවත් වැඩ අධිකයි. පුතා එක්ක කාලය ගෙවෙනවා කියලා දැනෙන්නෙවත් නැහැ කියලා තමයි ඇය කියන්නේ.