Daily News
Trending

ගෑනු ළමයින්ව සිපගන්නවාට බදාගන්නවාට එයා කැමැති නැහැ. -සුමිරාන් ගුණසේකර

Sumiran Gunasekara




Sumiran Gunasekara Exclusive from Starfriends.lk

සුමිරාන් කියන්නේ කවුද කියලා දන්න අයට වඩා නොදන්න අය වැඩි වෙන්න පුළුවන්. මොකද ඔහු රංඟනයට ඇවිත් වැඩි කාලයක් නැහැ. කුඩා කාලයේ රඟපාන්න ආවත් සුමිරාන් නීල පබළු නාට්‍යයට සම්බන්ධ වන්නේ අවුරුදු 07කට පස්සේ. සුමිරාන් ඒ තීරණය ගත්තේත් බිරිඳගේ සහ මවගේ වුවමනාවට. දැන් ඔහු හරිම කාර්යබහුල ජීවිතයක් ගෙවන කෙනෙක්. ඒත් හොඳ නිර්මාණයකින් ප්‍රේක්ෂකයින් අතරට යන්න ඔහුගේ අකමැත්තක් නැහැ. ඒ කියන්නේ තමන්ට යමක් කළ හැකි සහ ප්‍රෙක්ෂකයාට අගය කළ හැකි යමක් අන්තර්ගත චරිතයකින් මිනිස්සු අතරට එන්න සුමිරාන් කැමැතියි.

ඔයාලා හොඳින්ම හඳුනන සුමිරාන් ගුණසේකර කියන්නේ දක්ෂ නිවේදකයෙක්. ඔහු තම පෙම්වතියට විවාහ යෝජනාව කළේ අතිශය ප්‍රසිද්ධියේ හොඳට ප්ලෑන් කරලා. මේ සිදුවීම නිසා සුමිරාන් අන්තර්ජාලයේ ජනප්‍රිය චරිතයක් බවට පත් වුණා. ඒ වගේම ඔහුගේ විවාහ උත්සවය දිනයේ සිදුවීම්ද ආනේදෝලනාත්මක පුවත් මවන්න හේතු වුණා. ඉන් එක් අවස්ථාවක් නම්, සුමිරාන්ගේ සුරූපී බිරිය පෝරුව මත දී සුමිරාන්ගේ දෙපතුල් අල්ලා වැඳීම සමාජජාල මාධ්‍යයේ දැඩි සංවාදයක් ගොඩනගන්නට හේතු වීම. ඊට අමතරව සුමිරාන් තම බිරිඳගේ උපන්දින සාද පවා අන්තර්ජාලයට මුදාහැර තිබුණා. මේ දේවල් නිසා ඔහු සැබවින්ම ජනප්‍රිය චරිතයක්

කාලයකට පස්සේ නීල පබළු ඔස්සේ ප්‍රෙක්ෂකයන් අතරට එන සුමිරාන් රංඟනයේ දී තමන් වඩාත්ම බලපෑමට ලක් කරන කෙනා ගැන සඳහන් කරනවා. ඇය සුමිරාන් පෙම්වතකු ලෙස රඟපාද්දී බොහෝ සෙයින් කලබල වනවා. පෙම්වතියගේ අතින් අල්ලනවාට බදාගන්නවාට ඇයගේ කැමැත්තක් නැහැ. සුමිරාන්ට මේ විධියට බලපෑම් කරන්නේ ඔහුගේ ආදරණීය මව. අම්මලාගේ හැටි එහෙමයි. පුතාලාට පණඇරලා ආදරය කරන එක අම්මලාගේ විධිය. හැබැයි සුමිරාන්ගේ බිරිඳ නම් ඊට හාත්පසින්ම වෙනස්. ඇය තමයි සුමිරාන්ගේ ප්‍රේම ජවනිකාවල වැරදි අඩුපාඩු හදන්නේ. පෙම්වතියට රඟපාන ගර්ල්ට තව ටිකක් ළං වෙන්න කියලා සුමිරාන්ට කියන්නෙත් ඔහුගේ බිරිඳ. ඔවුන් අතර ඉතාම හොඳ අවබෝධයක් තියෙනවා.

සුමිරාන් හුඟක් කාර්යබහුල කරවන්නේ ඔහුගේ ව්‍යාපාර. සුමිරාන් කියන්නේ ඇඟලුම් ව්‍යාපාරිකයෙක්. උත්සව සමය නිසා මේ දවස්වල ඔහු කොහොමටත් කාර්යබහුලයි. ඒ නිසා අපි සුමිරාන් ගැන කතාබහ මෙතැනින් නතර කරනවා.

Sumiran Gunasekara Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close