Daily News
Trending

ගැහුවොත් ගහන්න. ගුටිකාලා එන්න එපා. නදීමාල්ට සීයා දුන්න අවවාදය.




නදීමාල් කියන්නේ ප්‍රවීණ ගායක මර්වින් පෙරේරා මහත්මයාගේ මුණුබුරා. අමල් පෙරේරා වගේම මුණුබුරාත් ගායනයට දක්ෂයි.

ඒ වගේම නදීමාල්ට තම පියා සහ සීයාට වඩා වෙනස් මඟක් තියෙනවා. ඒ නිසා ඔහුට හැකියාව ලැබෙනවා නදීමාල් පෙරේරා ලෙස ඔහුගේ ගමන යන්න.

නදීමාල්ගේ සංගීත දිවිය සකස් වන්නේ සීයාගේ ඇසුරේ. සංගීතය සම්බන්ධයෙන් වගේම ජීවිතය සම්බන්ධයෙන්ද ඔහුගෙන් නදීමාල්ට බොහෝ අවවාද උපදෙස් ලැබිලා තියෙනවා. ඒ විදියට නදීමාල්ට සීයා දුන්න අවවාදයක් තවමත් ඔහුට හොඳට මතකයි.

ඒ තමයි කොහේ හරි ගිහින් කවදාවත් ගුටිකාලා එන්න එපා, ගැහුවොත් ගහලා එන්න කියන අවවාදය. ගුටිකාලා ගෙදර එන්න එපා කියලා තමයි සීයා නදීමාල්ට අවවාද කරලා තියෙන්නේ.

සංගීතය සම්බන්ධ දේවල් කියා දෙනකොට නම් නදීමාල්ට සීයා වෙලාවකට හරි කරදරයක්ලු. මොකද බලෙන් වගේලු ඒ දේවල් කියා දෙන්නේ. ඒකට නදීමාල් ආස නැතිලු. ගිටාර් එක පුරුදු කරන්න සීයා නදීමාල්ට හරියට කරදර කළාලු. ඒ නිසා නදීමාල්ට ගිටාර් එක එපාම වෙලා. ඒත් ඒ දවස්වල වදයක් කියලා හිතුනට දැන් නම් නදීමාල්ට ගිටාරයක් නැතිව බැරි තරම්ලු.

Tags
Show More
Close