
සඳනි ප්‍රනාන්දු කොටට කොටේ ඇඳුම් ඇඳගෙන ස්කූටි පැදලා ලංකාව පුරාම විතරක් නෙමෙයි ලෝකෙ වටෙත් ගියානෙ. ඒ ස්කූටියක ප්‍රවර්දන කටයුත්තකට තමයි සඳනි මේ විදියට කොටට ඇඳගෙන පින්තූර ගන්නෙ. මේ ෂූට් එක තිබිලා තියෙන්නෙ ගාලු කොටුවෙ. අපරාදෙ කියන්න බෑ සඳනි හරිම සුන්දරව මේ ෂූට් එකට පෙනී ඉන්නවා. හරියට හොලිවුඩ් නිළියක් වගේ. එදා ඉතිං ධාරාණිපාත වැස්සලු. වැස්සෙන් බේරෙන්න කියලා සඳනිලාගෙ කෲ එක ළඟ තිබුණ ලන්දේසි ගොඩනැඟිල්ලකට යනවා. මෙතැනට වැස්ස නිසා ආපු තවත් අමුතු සමාජිකයෙක් හිටියා. ඒ තමයි පිඹුරෙක් බෙල්ල වටේ ඔතාගත්ත මනුස්සයෙක්. මේ පිඹුරව බෙල්ලෙ දාගෙන ඡායාරූප ගන්න පුළුවන්. ඒක තමයි අර මනුස්සයගේ රස්සාව. මේ වෙලාවෙ සඳනිටත් වුවමනාවෙලා තියෙනවා පිඹුරව බෙල්ලෙ ඔතාගන්න. ඉතිං වැඩේට ආස වුණාට පිඹුරා බෙල්ලෙ ඔතාගත්තම තමයි සඳනිට උතුර දකුණ මාරු වෙන්නෙ. ඉතිං සඳනි බෙරිහන් දීලා කෑගහගහ පිඹුරව බෙල්ලෙ ඔතාගෙන පොඩි වෙලාවක් ඉන්නවා. ඒ වෙලාවෙ සඳනි වැටිච්ච අමාරුව පින්තූරවලින් ඔප්පු වුණා. සඳනි පිඹුරා එක්ක ගහපු හැම පින්තූරයක්ම වගේ බය බිරාන්ත වෙච්ච ස්වරූපයෙන් තමයි ඉන්නෙ.