Daily News
Trending

ගායිකාවක්ද නිළියක්ද කියන එක අදාලම නෑලු. – Gayan gunawardhana

Gayan gunawardhana




Gayan gunawardhana Exclusive from Starfriends.lk

බලන්න පුළුවන් teledrama තියෙනවා නොබලන ඒවත් තියෙනවා. ඉබේ බැලෙන teledramaත් තියෙනවා. ඔන්න ඔය කියන කරුණු තුනෙන් ගොඩක් අය බලන සහ ඉබේ බැලෙන එකක් තමයි හිරු ටීවී එකේ telicast වෙන රවීන්ද්‍ර විජේරත්නගේ ‘හුස්මක් තරමට’. සමහරු කියන විදියට මේ ටෙලිය හුස්මක් ගන්නෙ නැතුව එක හුස්මට බලන්න පුළුවන්ලු. ඒ ඇයි කියලා අපි දන්නේ නෑ. බලන අය තමයි එහෙම කියන්නේ. එක විදියකින් ඒක ආදර කතාවක්ලු. තවත් විදියකින් කියනවා නම් මව්පිය, ආදරය, වගකීම යුතුකම වගේ දේවල් එක්ක ගලාගෙන drama එකක් කියලා තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. හරි, කොහොම වුණත් මේ කතාව ඇතුලෙ විවිධ චරිත තියෙනවානේ. ඒ චරිතවලත් හිතට වැදුනු නිතර කතාවෙන චරිත වලින් ගයාන් කියලා කියන්නේ ඒ වගේ චරිතයක්. ඒත් එහෙම කිව්වට එච්චරම ක්ලික් වුනේ නෑ නේද එහෙනම් බලන්නකෝ ආලෝක කිව්වම අඳුරනවද කියලා. ඔන්න දැන් නම් හරිටම කවුද කියලා අඳුරගත්තා නේද? කතාවේ හැටියට නම් ආලෝක කියන්නෙත් දුප්පත් පවුලක හොඳට ඉගෙනගන්න පුළුවන් අහිංසක කොල්ලෙක්. ගයාන් නම් කියන්නේ එයාගේ ඇත්ත life එකට සෑහෙන දුරට සමානයි කියලා. ආලෝක ඉන්නෙ එක පංතියක. එයාගේ girl friend ඉන්නෙ තවත් පන්තියක. හැබැයි එකම ඉස්කෝලේ. කතාවේ එහෙම තිබුනත් ගයාන් කියන කතාවක් තමයි අනිවාර්යයෙන්ම පාසල් කාලයේ නම් love affair තියාගන්න එක සුදුසු නැහැ කියලා. මුල් තැන දෙන්න ඕන අධ්‍යාපනයටලු.

ගයාන් එහෙම කිව්වට ගයානුත් හොඳ ගායකයෙක්. මේ මෑතක අලුත්ම සින්දුවකුත් කළා. එයාගේ තවත් යාළුවෙක් එක්ක එකතුවෙලා positive – Negative කියලා Band එකකුත් කරනවා. ඒක දන්නෙත් ටික දෙනයි. තවත් සිංදුවක් කරන්න ලේස්ති වෙලත් ඉන්නවලු.

කොහොම වුණත් හැඩට ඉන්න කැපිලා පේන හාදයෙක් උනාම ආදරේ ගැන කතා එහෙම එහෙට, මෙහෙට කැරකි, කැරකි හැප්පි ,හැප්පි යන සම්භාවිතාව වැඩියිනෙ. හැබැයි කවුරුවත් කියන්න ඉස්සෙල්ලා ගයාන්ම මෙන්න මෙහෙම කතාවක් කියලා තියෙනවා. මට ආදරය කරන කෙනා ගායිකාවක්ද නිළියක් ද ඩොක්ටර් කෙනෙක්ද කියන එක මට අදාල වෙන්න නෑ කියලා. කොටින්ම කියනවානම් job එක එයාට අදාලම නෑ අවබෝධයයි ආදරයයි තමයි වැදගත් කියලා. ඔන්න ඉතින් ගයාන් එහෙම තමයි කියලා තියෙන්නේ. සමහරවිට ගායිකාවක්ද නිළියක්ද කියන එක අදාලම නෑ කියලා කියන්නේ හොරාට කලින් කෙහෙල් කැන වැටපැන්නද දන්නෙත් නෑ.

Gayan gunawardhana Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close