
Gaminda Priyaviraj Exclusive from Starfriends.lk
අපි හැමෝවම හිනස්සවන ගාමින්ද ප්‍රියවිරාජ් නොහොත් (Gaminda Priyaviraj) පොඩි මල්ලී නමැති දක්ෂ කලාකරුවාව මැරෙන්න ප්‍රාර්ථනා කරන අය ඉන්නවා කිව්වාම ඔයාලා විශ්වාස කරනවාද? ඒත් ඒක ඇත්තක්. මේ කණගාටුදායක තත්ත්වය හෙළි කරන්නේත් ගාමින්ද විසින්මයි.
මේ දවස්වල ගාමින්ද ඉන්නේ ගජමෑන් (Gajaman) චිත්‍රපටයේ වැඩත් එක්කනේ. ගජමෑන් කියන්නේ ලංකාවේ පළමුවන ත්‍රිමාන සජීවීකරණ චිත්‍රපටය. ඔයාලට තේරෙන සිංහලෙන් කියනවා නම් ලංකාවේ පළමුවන 3D film එක. මේ සඳහා කැමිලස් පෙරේරා මහතාගේ චිත්‍ර කලාව සහ ඔහු ගොඩනැඟූ චරිත හේතු වෙනවා. ගජමෑන්හි තිර පිටපත ලියන්නේ සුනෙත් සහ ගාමින්ද. ඒ කියන්නේ පොඩි මල්ලියි චූටි මල්ලියි. මේ වන විට ඒ සියලු කටයුතු අවසන් කරලා පූර්ව ප්‍රචාරක පටය යූ ටියුබ් දාලත් ඉවරයි.
ඉතින් තවම කියන්න බැරි වුණානේ පොඩි මල්ලි හෙවත් ගාමින්ද මැරෙනතුරු බලා සිටින පිරිස කවුද කියලා. ගාමින්ද ෆේස්බුක් එකේ කාලයක්ම බොහොම ක්‍රියාශීලීව ඉන්නවා. හැබැයි මෑතකදී ඉඳලා ගාමින්ද ෆේස්බුක් එකෙන් දකින්න ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව ඔහු ෆේස්බුක් එකට සමුදෙන්න තීරණය කිරීම. එහෙම වෙන්නෙත් ඔහුගේ ෆේස්බුක් රසික රසිකාවියන්ගේම හැසිරීමක් තමයි. දවසක් ගාමින්ද එපාම හිතිච්ච වෙලාවක මට මැරෙන්න හිතෙනවා කියලා ෆේස්බුක් පෝස්ට් එකක් දැම්මාලු. එදා ඒ පෝස්ට් එකට ලයික් හෝගාලා වැටුණාලු. ඉතින් ගාමින්දගේ මරණය අපේක්ෂා කරන අය මේ තරම් ඉන්නවා කියලා දැනගත්ත සැනින් ෆේස්බුක් එකට සමු දෙන්න ඔහු තීරණය කරනවා. එදා ඉඳලා ඔහු ෆේස්බුක් නෑලු. හිනායන්න කිව්වා වුණත් මේක ඇත්තම ඇත්ත සිදු වීමක්.
Gaminda Priyaviraj Exclusive from Starfriends.lk