
කොළඹ සන්නිය කියන්නේ ලාංකීය සිනමාවේ බිහිවුණ අතිශය හාස්‍යෝත්පාදක සිනමා පටයක්. ජෝ, ගීතා, දෙනවක හාමිනේ වගේ අය තමයි කොළඹ සන්නියට ඒකාලේ හිටියේ.
1976 බිහිවුණ මේ චිත්‍රපටය ප්‍රති නිෂ්පාදනය කෙරුණා. ඒ “කොළඹ සන්නිය Returns” නමින්. මෙහි අධ්‍යක්ෂණය වගේම පිටපත් රචනයත් හර්ෂ උඩකන්දගේ. ඊයේ තමයි හා හා පුරා කියලා කොළඹ සන්නියේ මංගල දර්ශනය තිරගත වුණේ.
කොළඹ සන්නිය රිටර්න්ස් හී කැමරා අධ්‍යක්ෂණය ජනිත් ගුණසේකරගේ. ගයාන් උඩවත්ත තමයි සංගීතය නිර්මාණය කරන්නේ.
සරත් කොතලාවල, සැනට් දික්කුඹුර, රජිත හිරාන්, මේනකා මධුවන්ති, කුමුදුනි අධිකාරි, රොහාන් විජේසිංහ, රසිකා නිමාලි, ඇතුළු නවක සහ ප්‍රවීණ නළු නිළි පිරිසක් මෙහි රංඟනයෙන් සහභාගී වෙනවා.
හැත්තෑව දශකයේ නිර්මාණය වුණ කොළඹ සන්නිය නම් ඉල ඇදෙන්න හිනාවුණු ෆිල්ම් එකක්. මේක කොහොම වෙයිද දන්නේ නෑ. බලලම තමයි තීරණය කරන්න වෙන්නේ. ඉතිං අද ඉඳලා දිවයින පුරා සිනමාහල්වල කොළඹ සන්නිය රිටර්න්ස් තිරගත වෙනවා. හිනා වෙන්න ආස අයට ඔන්න තියෙනවා අවස්ථාවක්.