
මේ දවස්වල හර්ෂ උඩකන්දගේ ‘කොළඹ සන්නිය රිටර්න්ස්’ තිරගත වෙනවා. කොළඹ සන්නිය කියන්නේ ප්‍රේක්ෂකයින් අතර ඉමහත් ආදරයට පාත්‍ර වුණ සිනමා නිර්මාණයක්. ජෝ අබේ වික්‍රම, ගීතා කුමාරසිංහ ආදී නළු නිළියන් එහි පරණ කෘතියට ප්‍රහසනාත්මක රංඟනය එකතු කළා. ඒ නිර්මාණය කා අතරත් ඉමහත් ජනප්‍රිය වුණා.
ඒත් අලුත් සිනමා කෘතිය නොහොත් හර්ෂ උඩකන්දගේ කොළඹ සන්නිය රිටර්න්ස් සම්බන්ධයෙන් ඒ තරම්ම හොඳ ප්‍රතිචාර ලැබුණේ නැහැ. මේ සම්බන්ධයෙන් ෆේස්බුක් මාධ්‍යයෙන් සහ පුවත්පත් ඔස්සේ එල්ල වුණ විවේචනාත්මක ප්‍රතිචාර නිසා හර්ෂ උඩකන්ද හුඟක් කේන්ති ගන්නවා. එක්තරා මාධ්‍යවේදියකු සම්බන්ධයෙන් ඔහු ඉතාම ආවේගයෙන් පෙරලා ප්‍රතිචාර දක්වනවා. හර්ෂගේ මේ හැසිරීම සම්බන්ධයෙන් මුහුණුපොතෙන් විරෝධයක් එල්ලවෙනවා. ඒ හැමෝම වගේ කියන්නේ නිර්මාණකරුවෙක්ට ඕනම විචාරයක් දරාගන්න හැකියාව තිබිය යුතු බව. ඒත් හර්ෂ කියන්නේ විචාර දරාගත හැකි වුණත් ඒ වගේ කුහක විචාර ඉවසන්නේ නැහැ කියලා.
කොහොම වුණත් නිර්මාණයක් තිරගත කිරීම දක්වා විඳින්න වන වේදනාව දන්නේ නිර්මාණකරුවාම පමණයි. ඒක මොන මට්ටමේ එකක් වුණත් නිර්මාණකරුවාට තමන්ගේ නිර්මාණය වටිනවා. එහෙමයි කියලා විචාර නොඉවසීමත් නොකළ යුතුයි. විචාර කියන්නෙත් නිර්මාණයේම කොටසක්.
නිර්මාණකරුවාට වගේම විචාරකයාටත් ශික්ෂණයක් අවශ්‍යයි. කොළඹ සන්නිය රිටර්න්ස් සම්බන්ධයෙන් මේ වෙලාවෙ පැන නැඟිලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් අපිට කියන්න තියෙන්නේ ඒ ටික.