
කොලිවුඩ් සිනමාවේ සිහින කුමාරයා වගේම වීරයා විදියටත් ජනාදරයට පත්ව සිටින හැඩකාර විජේ පසුගිය දවසක හදිසි අනතුරකට පත් වෙලා තියෙනවා.
විජේට ආදරය කරන සුවහසක් රසික රසිකාවියන් මේ පුවත සැලවීමෙන් හුඟාක් කලබල වුණා. ඒ නිසා විජේගේ හදිසි අනතුර සම්බන්ධයෙන් ඇත්ත නැත්ත හොයලා බලන්න අපි තීරණය කළා.
මෙහෙමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ. ඉන්දියාවේ ප්‍රසිද්ධ දේශපාලනඥයකුගේ දියණියකගේ විවාහ මංගල්‍යයක් වෙනුවෙන් විජේටත් ආරාධනා ලැබෙනවා. මේ විවාහ මංගල්‍යය අවස්ථාවේ සිදු වූ තෙරපීමකට මේ ජනප්‍රිය නළුවාත් හසු වෙනවා.
විවාහ මංගල්‍යය අතරතුර මේ විදියට විශාල තෙරපීමක් ඇතිවන්නේ මනාල යුවල නිසාවත් අර දේශපාලනඥයා නිසාවත් නෙමෙයි. විජේව බලන්න එකතු වුණ පිරිස නිසා තමයි මෙහෙම වෙන්නේ. විජේගේ ආරක්ශක නිලධාරීන් ඔහුව උත්සව ශාලාවෙන් එලියට රැගෙන යාමට උත්සාහ කරද්දී තමයි විජේව මේ අනතුරට ලක් වෙන්නේ. කොහොම වුණත් ඒ වෙලාවේ විජේගේ පාදයේ අස්ථි ඇදීමකට ලක් වෙලා තියෙන බව ආරංචියි.
දේශපාලනඥයින්ට නැති ජනතා ආදරයක් කලාකරුවන්ට තියෙනවා කියන්නේ ඔන්න ඕකයි. විජේ නිසා එදා අර දේශපාලඥයාගේ මගුල් ගෙදර අවුල් ජාලයක් වෙන්න ඇති. මගුල් ගෙදර මනාලයයි මනාලියයි පැත්තක ඉඳිද්දී ඒ අවස්ථාවට ආපු හැමෝම විජේ වටා රොක් වීම කොහොම ජනතා ආකර්ශනයක් ද කියලා ඔයාලටත් හිතාගන්න බෑ නේද? අපේ රටවල වගේ නෙමෙයි ඉන්දියාවේ නළු නිලියන්ට තියෙන්නේ ඒ වගේ රසික ආකර්ශනයක්.