Daily News
Trending

කොන්ඩේ කොටට කපපු නයනතාරා..




නයනතාරා කියන්නේ හරිම කෙටි කාලයකින් ලංකාවේ බහුතර ප්‍රේක්‍ෂකාගාරය අල්ල ගත්ත පුංචි කෙල්ලෙක්. ඇගේ පළමු නාට්‍ය නිසාම ඇය ජනප්‍රිය සම්මානය පිට පිට තුන් හතර වතාවක් ලබා ගත්තා.

බොහෝ දෙනෙක් ඇයට ආදරය කරන්න උනේ නයනතාරාගේ තිබුණ අහිංසකකමට වගේම චාම් රූපෙට. ඇයට ආදරය කරන සමහරු කිවේ අනේ දෙව්මි ඔයාගේ මේ රූපේ මේ විදියටම තියා ගන්න කියලා. එක එක විලාසිතා කරන්න කොන්ඩේ නම් කපන්න එපා කියලා තමයි ගොඩක් අය කීවේ. හැබැයි මේ කිසිම කෙනෙක්ගේ දෙයක් අහන්නේ නැතිව නයනතරා කොන්ඩේ කපලා. කපලා විතරක් නෙමෙයි අමුතුවට පාටකුත් කොන්ඩේ ගාලා. ඇගේ අලුත් මේ පෙනුම දැකලා විවිද අදහස් ඇයට ආදරය කරන පිරිස කියලා තිබුනා.

කොහොම උනත් නයනතරා මෙහෙම කොන්ඩේ කපලා තියෙන්නේ නම් ඇත්තටම නෙමෙයි. ඇය රඟපාන අලුත්ම චිත්‍රපටය සඳහා තමයි මේ වෙනස කරලා තියෙන්නේ. ඇගේ වෙනස්ම රංඟනයක් මේ චිත්‍රපටයෙන් දැක ගන්න ලැබෙයි කියලා තමයි තවත් අය කියන්නේ. ඒක බලන්න ඉතින් අපිට තව ටිකක් බලන් ඉන්න වෙනවා.

Tags
Show More
Close