Daily News
Trending

කොටට ඇඳන් ගියොත් ඔක්කොම අවුල් – Piumi Srinayaka




විලාසිතා මන බඳිනා විලාසිතා කියලා ඉස්සර song එකකුත් තිබ්බා නේ Fashion ගැන කියලා. Fashion වලට Song එකක් හැදෙනවා කියන්නෙත් ඉතින් ඒකෙ තියෙන වටිනාකම තමයි. මෙ හැම දෙයන් ගැනම හොයන්න නිකමට වගෙ ජාත්‍යන්තරයට ඔළුව දැම්මොත් පිස්සු හැදිලා තමයි නතර වෙන්නේ. ජාත්‍යන්තරයටම ඔළුව දාන්න ඕනෙත් නෑ. Fashion ගැන කතා කරන්න නම්, හොයන්න නම් ලංකාව දිහා බැලුවමත් හොඳටම ඇති. අපට ඕන ඕන හැටියෙ විලාසිතා බලාගන්න පුලුවන්. වැඩියෙන්ම ඉතින් fashion කරන්නේ කොල්ලන්ටත් වඩා කෙල්ලොනේ. දිගට, කොටට,තදපාටට මේ හැම විදියකින්ම Fashion බලාගන්න පුළුවන් යසට.
මේ අතරිනුත් වැඩියෙන්ම නිළියෝ සාමාන්‍යයෙන් Fashion කරන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා. කොහොමත් ඉතින් Fashion කියන්නේ ඒගොල්ලන්ගෙ ජීවිතයත් එක්ක ළඟින්ම යන දෙයක්නෙ. හැබැයි ඉතින් කරන්නන් වාලේ කරන්න ගියොත් එහෙම නන්නත්තාර වෙලා තමා නතර වෙන්නේ. සමහරු ඉතින් හරියටම දන්නෙත් නෑ තමන්ට හරියන Fashion එක මොකක්ද කියලා. ඒගොල්ලො එහෙම කරාම වටේ ඉන්න හැමෝටම ඒක පේන්නේ ගොනයි මීමයි වගේ. තවත් විදියකින් කියනවනම් ඉතින් මෙලෝ රහක් නෑ .පියුම් කියන්නෙත් ඉතින් හොඳට ෆැෂන් කරන්න දන්න නිළියක්. ඒකේ ඉතිං කතා දෙකක් නෑ. මොකද පියුමි මුලින්ම කරෙත් මොඩ්ලින්නෙ. ඉතිං ඒවායේ හොඳ, නරක, ගුණ, අගුණ, දොස් ඔක්කොම දන්නවා.

මෙන්න මේ ළඟදි දවසක පියුමි හරි අපූරු කතාවක් කියලා තිබ්බා.තමන් විවාහ වුණා කියලා කරන Fashion වෙනස් කරන්න ඕනේ නැහැයි කියලා. හැබැයි ඉතින් ඒ Fashion ගැන කියපු හොඳම කතාව ඕක නෙමෙයි .එයා කියලා තියෙන්නේ කොටට අඳින එක ගැන. දවසක් පියුමි කොටට ඇඳගෙන Food-city එකකට ගියාලු. දැන් ඉතින් කියන්න ඕන නෑනේ වැඩේ මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. එතන ඉඳලා පියුමි අපහසුතාවයට පත් වෙලා තියෙනවා. බඩු ගන්න ආපු මිනිස්සු ආව කතන්දරේ පැත්තක තියලා ඔක්කොම කරලා තියෙන්නෙ පියුමි දිහා බලාගෙන හිටපු එකලු. හිතන්නකෝ ඒ වෙලාවට දැනෙන සැප කොහොමද කියලා. අන්න ඒකයි පියුමි කියන්නේ පියුමි නම් කොටට ඇඳගෙන ගිහිල්ලා අපහසුතාවයට පත් වුණාය කියලා.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close