
රුක්ෂාණා ඉඳහිට කොට ඇඳුම් ඇන්දට ගොඩාක් කොටට ඇඳුම් අඳිනවට අකමැති පිරිසක් ඉන්නවා. ඒ තමයි රුක්ෂාණාගේ පවුලේ උදවිය. විශේෂයෙන්ම රුක්ෂාණාගේ අම්මයි ආච්චියි තමයි මේ විදියට රුක්ෂාණාට කොන්දේසි පනවන්නෙ. රුක්ෂාණා නම් කියන්නෙ ගෙදරින් එයාව සෑහෙන දුරට කන්ට්‍රෝල් කරනවා කියලා.
ෆස්ට් ක්ලාස් ඩිග්‍රි එකකුත් තියාගෙන රංඟනයට පිවිසුන රුක්ෂාණා දිසානායක තවමත් අපිට මුණගැහෙන්නෙ නිර්මාණයක සහය නිළියක් විදියට. ඇයව මේ තාක් ප්‍රධාන නිළිය ලෙස සම්බන්ධකර නොගන්නෙ ඇයි.
රුක්ෂාණාට අනුව ඒකට ප්‍රධානම හේතුව එයා ගොඩක් ලස්සන කෙනෙක් නොවීමලු. ඒ වගේම එයා ගොඩක් දක්ෂ කෙනෙකුත් නොවන නිසා කවදාවත්ම රුක්ෂාණාට ප්‍රධාන චරිතයක් ලැබිලා නැහැ කියලා තමයි ඇය කියන්නෙ.
ප්‍රධාන චරිත ඉල්ලන්න ගියොත් මේ ලැබෙන චරිතත් අහිමි වේවි කියලා බයක් ඇයට තියෙනවා. ඒ නිසා රුක්ෂාණා ප්‍රධාන චරිත ගැන මහන්සි වෙන්නෙ නැහැ. රංඟනයට තියෙන දැඩි ආසාව නිසා රුක්ෂාණා ලැබෙන චරිතයක් කරගෙන ඉන්නවලු. අවාසනාවන්තියක ලෙස රුක්ෂාණා තමන්ව හඳුන්වා දුන්නත් රංඟනයට වරම් ලැබීම නම් ඇගේ වාසනාවක් ලෙස ඇය දකිනවා.