Daily News
Trending

කේන්දරේ විශ්වාස කරාට නිලියක් වෙනවා කියලා නම් නෑලු… – අනුරාධා එදිරිසිංහ




යන්තර, මන්තර, සාත්තර, ගුරුකම් විශ්වාස කරන අයට අනාගතයක් නං නෑ කියලා තමයි සමහරු කියන්නේ. ඒ ඇයි කියන්න අපි නම් හරියටම දන්නෙ නෑ. කියන අය තමයි එහෙම කියන්නේ. කොහොමත් ඉතින් ඉන්දියාව, ලංකාව වගේ ආසියාතික රටවල් විද්‍ය ත්මක දේවල් වලට වඩා මිථ්‍යා මත විශ්වාස කරනවා වැඩියි කියලා කවක් සමහරු කියනවා. ඒකට ඉතින් සංස්කෘතියෙන් එන සාධකත් බලපාලා තියෙනවා කියලා කියන්න පුළුවන්. කවුරු කොහොම මොනවා කිව්වත් ඉතින් කාගෙ වුණත් විශ්වාස සහ ඇදහිලි වලට කාටවත් මුකුත් කියන්න විදිහක් නෑ. මොකද ඒක ඒගොල්ලන්ගේ පෞද්ගලික දෙයක් නිසා. ලංකාවේ තියෙන සංස්කෘතියට අනුව නම් කේන්දරේ කියන්නෙ ඉතින් මහ ඉහළින්ම තියෙන දෙයක්. ඕනම දෙයක් කරන්න ගියත් සමහරු මුල් කරගන්නේ කේන්දරේ තමයි. කොහොමහරි ඉතින් අනුරාධ කියන්නේ කේන්දරේ කියන දේ සියයට සියයක්ම විශ්වාස කරන කෙනෙක්ලු. එයා කියන විදියට කේන්දරේ බොරුයි කියලා කොයිම වෙලාවකවත් අහක දාන්න බෑලු. අනුරාධාට නම් සියයට සීයක්ම එයාට වෙච්ච දේවල් ඇත්තක් කියලා කේන්දරයෙන් විශ්වාස කරන්න පුළුවන්ලූ.

අනුරාධා marry කරද්දි නම් අනිවාර්යයෙන්ම කේන්දර ගැලපෙනවද කියලා බලනවාලු. ඊට පස්සේ තමයිලු ඉතින් අනිත් වැඩ වලට සූදානම් වෙන එක කරන්නේ. කොහොම හරි ඉතින් දැන් අනුරාධ නිළියක්නේ. එයා කලාවට සම්බන්ධ වෙලත් දැන් ටික කාලයක් වෙනවා. ඒත් ඉතිං හොදම වැඩේ කියන්නේ අනුරාධාගේ කේන්දරේ බලපු කවුරුත් කියලා නෑලු කිසිම දවසක මෙයා නිළියක් වෙනවා කියලා. කලාවටවත් යොමු වෙනවා කියලා කිසිම කෙනෙක් කියලා නෑලු. එහෙම කියලා තිබ්බනං කියපු එකම එක්කෙනා අනුරාධගේ අම්මා විතරයිලු. ඒත් ඉතිං අනුරාධ නම් කියන්නේ එයාට කේන්දරේ සීයට සීයක්ම විශ්වාසයි කියලාලු

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close