Daily News
Trending

කියාගන්න බැරිවෙච්ච ප්‍රේමයක් ලබන මාසෙ කසාද බඳින්න යනවා කියලා ආරංචිවෙලා ෆන්කි ඩර්ට් ලා අවුල් වෙලා.




මේක මේ ටැප් එක ඇරියා වගේ නවත්තගන්න බැරි දෝරේ ගලන ආදරයක් ගැන කතාවක්. ඒත් දැන් තේරුමක් නැහැ අනේ. එයා බඳින්නලු යන්නෙ. Invitation එකත් දීලා ගිහිං. ඉතිං දැන් කෙල්ල එයාලගේ නොවෙන නිසා ඒක පර්ශවීය ප්‍රේමය වෙනුවෙන් හිත හදාගෙනලු. ඒ ප්‍රේමය උත්තරීතර එකක් කියලනෙ ෆන්කි ඩර්ට් කියන්නෙ. අනේ පව් කියලත් හිතෙනවා. ඒ හැඟීම් කොයි තරම් වේදනාකාමීද? නිදාගන්න කාපු කට්ට දන්නෙ බදා ගත්ත කොට්ටෙ විතරයි. ඒක ඇත්ත. කොයිතරම් එහෙට මෙහෙට පෙරලි පෙරලි අහිමි වෙන්න යන ප්‍රේමය ගැන හිතින් දුක් වෙන්න ඇද්ද? ඒක එහෙම තමයි මේ ගස්වල පැණි දොඩම් බොහෝ තිබුණත් එකම ගෙඩිය කඩාගන්න තමයි කොල්ලො පොරකන්නෙ. ඒකයිනෙ මේ සේරටම හේතුව. ඒ ආදරය හරියට නෙලාගන්න බැරිවුණ පුෂ්පයක් වගේ. ඒත් දැන් ඒ මල පෝච්චිය පිටින්ම එහා වත්තේ. ඒ මලට හරියට සාත්තු කරනවද කියලවත් කවුද දන්නෙ…? ඇත්තමයි ඒ රෝස කැලෙන් ඇහින්ද ආදරය හරිම සුන්දරයි. ඒත්… ඒ දෛවය කින්ඩියක්. හරියට මේ ලෝකෙ සියලුම ග්‍රහයින් කතාවෙලා නීච වෙලා වගේ. එයාගෙ ඇමතුම කාර්යබහුලයි. ප්‍රේමය නිසයි හිත මේ තරම් කුජීත. ඒත් නොලැබීම කියන්නෙ ලෝක ස්වභාවය. මුහුදෙ මාළුවො ගොඩයි. ඒත් දිය කිඳුරියො ඉන්නෙ ස්වල්පයයි. ඒ ආදරයත් ඒ වගේ. ඒක පාර්ශ්වීයයි. උත්තරීතරයි. මේක නම් හරිම පිස්සු ආදර කතාවක් ගැන කියවෙන අපූරු මියුසික් වීඩියෝවක්. මේ වගේ පට්ටම පට්ට පිස්සුම පිස්සු වැඩක් කලොත් ඉතිං ඒ ෆන්කි ඩර්ට් ලා තමයි. මේපාර ෆන්කි ඩර්ට්ලා ටිකක් ස්ලෝ බීට් එකකට ගිගිං තියෙනවා. කියාගන්න බැරිවු ප්‍රේමේ ගැන ලියන්නෙ මුර්ශාඩ් හුවාස්. වීඩියෝ එක ඩිරෙක්ට් කරන්නෙ ෆන්කි ඩර්ට් ලා. මියුසික් ශෙනාල් MTK @ insoundz ඉතිං ඔයාලත් ඉක්මනට මෙන්න මේ දුක් ගැනවිල්ල අහලා ඉන්නකො. ඒක කොයිතරම් පිස්සු ආදර කතාවක්ද කියලා එතකොට ඔයාලටත් වැටහෙයි.

Tags
Show More
Close