
කිම් කාඩේෂියන් ගැන ඔයාලට අමුතුවෙන් අටුවා ටීකා ටිප්පනි කියන්න අවශ්‍ය නැහැනේ. කිම්ගේ සරාගී පෙනුමට ලොව පුරා ඉහළ මිලක් නියම වෙනවා. නිරූපිකාවක් විදියට කිම් අත්පත් කරගෙන ඉන්නෙ සුළුපටු වටිනාකමක් නෙමෙයි. ඉතින් දවස ගානේ කිම්ට ලැබෙන්නේ ඉතා ඉහළ ප්‍රතිචාරයක්. ඒ වගේම කිම් ලොව පුරා පුවත් මවන්නියක් බවටත් පත්වෙලා.
ළඟදී දවසක කිම් බාලි දූපතට යනවා. නිකන් නෙමෙයි බිකිණියකින් සැරසිලා. මේ විදියට කිම් බාලි වෙරළ උණුසුම් කරන්නේ පොටෝ ෂූට් එකකට කියලා තමයි ආරංචි. ඒ වෙලාවේ කිම් සැරසිලා සිටි බිකිණියත් මිල අධික එකක්ලු.
කිම් බාලි වෙරළේ සිට පෙනී සිටි ඡායාරූප සීඝ්‍රගාමීව අන්තර්ජාලයේ සංසරණය වෙනවා. මේ ෂූට් එකට පෙනී සිටින්න කිම් ලොකු මුදලක් අරගෙන තියෙනවා. ඒ වගේම බිකිණියට කිම්ගේ සරාගී බව තවත් මතුවෙලා පෙනෙනවා කියලත් කිම්ගේ ෆෑන්ස්ලා කියනවා