
ලෝක ප්‍රකට නිල් චිත්‍රපට රැජිණ කවුද කියලා ඇහුවොත් එක පාරටම ඔළුවට එන්නේ කිම්ව. කිම් කොයි තරම් ජනප්‍රියයිද කියනවා නම් ලොව පුරා අන්තර්ජාලය ඔස්සේ ඇයව සර්ච් කරපු පිරිස අති විශාලයි.
මේ විදියට කිම්ව සර්ච් කරන්න යාම භයානක බව සයිබර් ආරක්ෂණ සමාගමක් විසින් පෙන්වා දෙනවා. මැකෆී ( McAfee) නමැති මේ සමාගම කියන්නේ 2018 වසරේ එක්සත් රාජධානිය තුළ සිදු කළ ඉන්ටර්නෙට් සෙවුම් අතරින් වැඩිම භයානක නම කිම් කාඩේශියන් බවට මේ වන විට තහවුරු වී ඇති බවයි.
සරලවම කියනවා නම් කිම් අතිශය ජනප්‍රිය නිසා වගේම කුතුහලය උපදවන සරාගී තාරකාවක් නිසා ඇයව අන්තර්ජාලය ඔස්සේ පිරික්සනවා වැඩියි. ඉතින් මේ නිසා කිම් කාඩේෂියන්ගේ නමට විශාල ප්‍රමාණයෙන් වෛරස් බිහි වෙලා තියෙනවා. ඒ කියන්නේ වෛරස් ඇතුලත් වූ හානිකර වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් කිම් නමින් බිහි වෙලා තියෙනවා. අන්තර්ජාලය පරිහරණය කරන අයට මේ අවකාශවලට යාම නිසා භයානක ප්‍රතිඵල අත්විඳින්න වෙනවා.
මැකෆී ආයතනය පෙන්වා දෙන්නේ සයිබර් අපරාධකරුවන් විසින් ජනප්‍රිය පුද්ගලයන්ගේ නම් භාවිත කරමින් ඉන්ටර්නෙට් පරිශීලකයන් කරා හානිකර වෛරස් මුදාහරින බව.
මේ නිසා ඔන්න කිම් ගැන හොයන්න ආසයි නම් මේ අවදානමත් ඔළුවට ගන්න කියලා අපි ඔයාලට සිහිපත් කරනවා