Daily News
Trending

කාවින්ද්‍යා රෑ ජාමේ ගයාන්ගේ කාමරයට කඩා පනී..

Kavindya Adhikari




Kavindya Adhikari Exclusive from Starfriends.lk

සක්කාරං කියලා කියන්නේ ඔළුවට බරක් නැතුව බලන්න පුළුවන් ටෙලි ඩ්‍රාමා එකක් කියලා බලන හැමෝම වගේම ඒ ගැන අහපු හැමෝම කියන කථාවක්. ඒ කියන කතා ඇහුවම නොබලපු අයටත් බලන්න හිතෙන විදියට තමයි මේ කතාව ගලාගෙන යන්නේ. කොයි හැටි වෙතත් සමහරු කියන විදියට බලන්නවත් බැරි බඩ දඟලන්න කතා එක්ක බැලුවම සක්කාරං කියන්නේ මසුරන්ලු. සක්කාරං ටෙලියෙ ඉන්න ආර්ටිස්ට්ලා වුණත් තමන්ගේ උපරිමෙන්ම ටැලන්ට් පෙන්නල ඩ්‍රාමා එක ගොඩ දාන්න help එක දෙනවාලු. ඒ වගේම තමයි crew එක ගැනත් කියලා වැඩක් නෑලු. හැමෝම ට්‍රයි එක දෙන්නෙ ඩ්‍රාමා එක ගොඩ දාන්නලු. මේක මේ තරම් ජනප්‍රිය වුණේ ඒක නිසා වෙන්නත් ඇති. කොහොම වුණත් ටැලන්ට් එක හිඟ නැති artist ලා ටිකත් එකතු කරගෙන තියෙන නිසා එකේ වටිනාකම තවත් වැඩි වෙලා තියනවා .

ඉතින් ඔයාලා දන්නවනේ මේ ෆීල්ඩ් එකේ හැටි එක එක විදිහේ කතානේ. කාටත් හොරෙන් අත්තටුත් එක්ක තමයි ඒවා පියාඹලා යන්නෙ. හැබැයි ඉතින් කතාව තිබ්බට ඇත්තටම එහෙම වෙලාද කියලවත් දන්නේ ටික දෙනයි. ඒ කවුරු කොහොම කිව්වත් ලෝකෙ කොහෙ උනත් මේ ෆීල්ඩ් එකේ ඉන්න අය ගැන නම් යන්නේ හොඳ කතා නෙවෙයි. හැදෙන කතා හදන කතා අපි කාටවත් වලක්වන්න පුළුවන් ඒවා නෙවේ. කොහොම කිව්වත් ඒ කරපු දේවල් පවා බටකොළ යායට ගිනි ගත්තා වගේ ඇවිලෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ. අපි ඉතින් මෙච්චර වෙලා කියාගෙන ආවේ සක්කාරං ගැන නේ. ඉතින් මේ කතාවත් අපිට ආරංචි උනේ සක්කාරං සෙට් එකෙන්මයි. කාටවත් මතක් කරන්න කියන්න ඕන නැති වෙයි ගයාන් කියන්නේ කවුද කියලා.ඒ එක්කම ඔයාල දන්නවනේ කවින්ද්‍යා කියන්නේ කවුද කියලා. කාවින්ද්‍යා අධිකාරි. සමිතා මුදුන්කොටුවගේ දුව. ඉතින් ඔන්න කොහොමහරි සිද්ධිය වෙලා තියෙන්නේ මෙන්න මේ දෙන්නගෙ අතරේ.

ඔන්න එක දවසක් ෂූට් එක pack උනාට පස්සේ ගයාන්ගේ කාමරේට මෙයා හිමින් සැරේ ගිහිල්ලා තියෙනවා. එතකොට ඉතින් වෙලාව රෑ අටත් පහු වෙලාලු. හැබැයි කාවින්ද්‍යාගේ සපෝට් එකට නම් කෙනෙක් ඉඳලා තියෙනවා. කොහොමද වැඩේ සක්කාරං සෙට් එකෙත් හරි ෂෝක් වැඩනේ වෙලා තියෙන්නේ. ඒක නිකං හරි අමුතු කතාවක්නෙ. මේ ආරංචි ආවට පස්සෙ අපි ඒ ගැන හොයලා බැලුවා. ඔව් කතාව ඇත්ත. මේ සීන් එක ඒ විදියටම වෙලා තියෙනවා. අර තනි රැක්කයි කිව්ව කෙනාගේ නම ඩිෂ්නි රාජපක්ෂ. දෙන්නත් එක්ක තමයි කාමරෙට මේ විදියට කඩා පැනලා තියෙන්නේ. ඒක කොයිතරම් සභ්‍යත්වයට ඇත්තටම සුදුසුද කියලා නම් හිතන්න වෙනවා කියලා කවුරුහරි කියන්න පුළුවන් .එහෙම කිව්වට මේක ඉතින් එහෙම
හුටපටයක් නෙවෙයි. එදා තමයි gayan ගේ birthday එක තිබුණේ. මේ දෙන්නත් එක්ක කාමරේට පැන්නෙ wish කරන්න මිසක් වෙන දේකට නෙවෙයි. ඔන්න ඊට පස්සේ පස්සේ ගයාන්ව රූම් එකෙන් එළියට පෙරහරකින් අරගෙන ඇවිල්ලා කේක් එකක් කපලා සෙට් එකේ හැමෝම wish කරා කියලා තමා කියන්නේ.

Kavindya Adhikari Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close