Daily News
Trending

කාවින්ද්‍යා ඉන්නෙත් දැන් ෆුල් හැපි එකේලු.

Kavindya Adhikari




Kavindya Adhikari Exclusive from Starfriends.lk

කාවින්ද්‍යා අධිකාරි කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රියම starsලා දෙන්නෙක්ගේ එකම දුව. ඒ දෙන්න තමයි අතුල, සමිතා. එක කාලයක් තිබ්බා අතුල සමිතා කිව්වම සමහරු මැරෙන්නෙ නැතුව නැහෙන්න ගියා. ලංකාවේ කොහෙද musical show එකක් තියෙන්නේ අතුල සමිතා එතන ඇති. ගහේ කටු උල් කරන්න ඕන නෑනේ. කාවින්ද්‍යත් ඉතින් අම්මගෙයි තාත්තගෙයි අඩි පාරේම තමයි යන්න ලේස්ති වෙන්නෙ. ඉස්කෝලේ යන කාලේ ඉඳලාම සින්දු කියන්න පටන් ගත්තා. සිංදු විතරක් කියන්නනම් බැරියැ. රඟපාන්නත් ආවා. කාවින්ද්‍යත් ඉතින් එක විදියක්නෙ. ඒවට ලැජ්ජ බයක් නම් තිබුනෙම නෑ.

සමහරු නම් ටෙලිඩ්‍රාමා එකක් දෙකක් කරලනේ ෆිල්ම් කරන්න එන්නේ. හැබැයි කාවින්ද්‍යට නම් ඒක අදාළ වුණේ නෑ. කාවින්ද්‍යා කෙලින්ම නිළියක් වුණේ ෆිල්ම් වලින්. ජයන්ත චන්ද්‍රසිරි ඝරසරප ෆිල්ම් එකට එක පයින්ම මෙයාව තෝරාගත්තා. නෑ… නෑ… එහෙම නෙවෙයි. සමිතාගෙන් ඇහුවා දූව දෙන්න පුලුවන්ද කියලා ෆිල්ම් එකේ වැඩට. දැන් ඉතින් සක්කාරං වගේ ටෙලිඩ්‍රාමා act කරාට මේ ෆිල්ම් එකේ තමයි කාවින්ද්‍යාගේ මුල්ම රඟපෑම තියෙන්නේ. හොඳම සිද්ධිය තමයි කාවින්ද්‍යා ඝරසර්ප ෆිල්ම් එකේ act කරනකොට සින්දු කියන්නේ සමිතා .

කොහොම හරි කාවින්ද්‍යා විතරක් නෙමෙයි ඉතින් සමිතාවත් හිතන්නේ නැතිව ඇති ගායනයෙන් කොහොමද වුණත් acting පැත්තෙන් නම් මේ තරම් පෙරළියක් කරන්න කාවින්ද්‍යාට පුළුවන් වෙයි කියලා. අනම් මනම් සීන්කෝන් නැතුව මිනිස්සු වැඩි වැඩියෙන් කාවින්ද්‍යා ගැන කතා කරන්න පටන් ගත්තේ අන්න ඒ නිසා. ෆීල්ඩ් එකට ඇවිල්ලා වැඩි කාලයක් නැති වුණත් කාවින්ද්‍යාගේ තියෙන හැකියාව ගැන තමයි කවුරුත් කතා කරන්න පටන් ගත්තේ. කාලයක් ගිහින් උනත් ඔන්න දැන් ආයිම ඝරසර්ප ගැන කතා කරන්න කාලෙ ඇවිල්ලා තියෙන්නේ. ඒ මොකද දන්නවද? නිකමටවත් හිතුනද ඝරසරප2 කියලා ෆිල්ම් එකක්වත් පටන් ගන්න හදන්නේ කියලා .නෑ එහෙම එකක් නෙමේ. මේ දවස් වල කාවින්ද්‍යා ඉන්නේ ෆුල් හැපී එකේ කියලා තමයි කියන්නෙ. මිනිස්සුන්ට සතුටින් ඉන්න නම් ඕන තරම් හේතු තියෙනවා. ඒවත් ඉතින් එක එක විදයෙ ඒවනේ. ඒත් ඉතින් කාවින්ද්‍යා හැපී එකේ ඉන්නේ එක එක විදියෙ ඒවා හින්දනම් නෙවෙයි. එකම එක හේතුවක් නිසා.

මොකද ඔන්න දැන් කාවින්ද්‍යාගේ first act එකට සම්මානයක් ලැබෙන්නලු යන්නේ. මුල්ම රඟපෑමට සම්මානයක් හම්බෙනව කියන්නේ තව මොනවාද ඉතින් නේද? කාටද ආඩම්බර… ඔන්න මේ පාර දෙරණ film award එකේදි ඝරසර්ප ෆිල්ම් එකේ කරපු රංඟනයට මෙයාවත් සම්මානයකට නොමිනේට් වෙලාලු තියෙන්නේ. ඉතින් එදාට කාවින්ද්‍යාට සම්මානයක් හම්බ උනොත් එහෙම එයාගේ මූණෙ කොහොම හිනාවක් තියෙයිද කියලා හිතලා බලන්නකෝ. ඒකයි දැන් ඔය සමහරු කියන්නේ කාවින්ද්‍යා නිතරම ඉන්නේ ෆුල් හැපී එකේ කියලා.

Kavindya Adhikari Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close