Daily News
Trending

කාවින්ද්‍යාගේ පෙම්වතා..




කාවින්ද්‍යා අධිකාරී කියන්නේ මේ දිනවල බොහෝ දෙනෙක් කතා කරන චරිතයක්. ඒ ඇගේ අලුත්ම සිනමාපටය වන ඝරසර්ප නිසා. මෙතුවක් කාලයකට ඇය ගායිකාවක් ලෙස හඳුනා ගෙන තිබුණත් දැන් ඇය රංඟන ශිල්පිනියක්. මේ ඇගේ පළමු රංඟනය. ජනප්‍රිය ගායන ශිල්පී අතුල අධිකාරිගෙත් සමිතා මුදුන්කොටුවගෙත් ආදරණීය දියණිය තමයි කාවින්ද්‍යා.
පසුගියදා ඇය ඇගේ පෙම්වතා ගැන මාධ්‍යයට කියලා තිබුණා. කාලයකට කලින් ගායක තරුවක් සමග ඇගේ තිබුණ ප්‍රේම සම්බන්ධය මේ වෙන කොට නැහැ. ඉතින් කාවින්ද්‍යාගේ අලුත් පෙම්වතා කලා ලෝකෙට සම්බන්ධ නැතිලු. ඔහු වෙනත් ක්ෂේත්‍රයකලු රැකියාව කරන්නේ. ඇයි මෙහෙම කලාවට සම්බන්ධ නැති කෙනෙක් තෝරා ගත්තේ කියලා ඇහුවම ඇය කියලා තිබුණේ සිදු වුන හැමදේමත් එක්කම කලා ලෝකේ කෙනෙක්ට ඇගේ වැඩත් එක්ක ඉස්සරහට ඉන්න අමාරු වෙයි කියලා හිතුනලු. ඒ නිසාලු මේ වගේ තීරණයක් ගත්තේ.
මේ වෙනකොට කාවින්ද්‍යා ඇගේ සීයගේ කලා නිකේතනයේ වැඩ බලා ගන්නවාලු. ඒ වගේම මේ සිනමාපටයත් සමඟම රංඟනයට ඇයට බොහෝම අවස්ථා ලැබෙනවලු. ඉඩ තිබුනොත් ඒවට වෙලාව වෙන් කරන්න හිතන් ඉන්නවලු. ළඟදීම අලුත් ගීතයක් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා තමයි කාවින්ද්‍යා කියලා තිබුණේ.
Tags
Show More
Close