Daily News
Trending

කාලෙකින් කාටවත් ආදරය කළේ නෑ. -දෙව්නක පෝරගේ

Devnaka Porage




Devnaka Porage Exclusive from Starfriends.lk

දෙව්නක පෝරගේ (Devnaka Porage) හැමෝම ආදරය කරන චරිතයක් බවට පත් වන්නේ ජයන්ත චන්ද්‍රසිරිගේ ඝරසරප චිත්‍රපටයත් එක්ක. දෙව්නක ඝරසරප චිත්‍රපටයේදී අපිට මුණගැහෙන්නේ රොමෑන්ටික් ආදරවන්තයෙක් හැටියට. මේ නිසා දෙව්නකට ආදරය කරන රසික රසිකාවියන් විශාල පිරිසක් නිර්මාණය වුණා. දැන් දෙව්නක කියන්නේ හැමෝම ආදරය කරන චරිතයක්. කලා පවුලකට සමීප නිසා දෙව්නකගේ රංඟන කුසලතාවය ගැනත් ඉතින් කතා කරන්න දෙයක් නෑ.

තිරයෙදි ආදරණීය පෙම්වතෙක් වුණත් දෙව්නක සැබෑ ජීවිතයේ දී ආදරය ගැන හිතන්නේ තරමක් වෙනස් ආකාරයට. කොටින්ම දෙව්නක කාලෙකින් කිසිම කෙනෙක්ට ආදරය කරලා නෑලු. ආදරය කියන අකුරු හතර පස්සේ එයා දුවන්නෙත් නෑලු. ගැලපෙනම කෙනා මුණගැහෙනකල් ඉවසීමෙන් බලාගෙන ඉන්නවා කියලා තමයි දෙව්නක කියන්නේ. අන්න එදාට දෙව්නක ආදරය කරන්න පටන් ගන්නවාලු.

තිරයේදී කරපු ආදරණීය රංඟනය නිසා දෙව්නකට ((Devnaka Porage) ආදරය කරන්න නම් ඕන තරම් රසිකාවියන් ඇති. ඒත් ඉතින් ආදරය කියන්නේ ගැඹුරින්ම ඇතිවන හැඟීමක්නේ. ඒ හැඟීමත් එක්ක සෙල්ලම් කරන්න දෙව්නක කැමැති නැතිපාටයි.

ආදරය ලැබෙනවාට අකමැති කෙනෙක් නැහැ. දෙව්නකත් රසික රසිකාවියන්ගෙන් ලැබෙන ආදරයට හුඟක් කැමතියි. ඒත් දෙව්නක කවදාවත් නාඳුනන කෙනෙක්ට සමීප වෙන්නේ නැතිලු. මෙහෙම කිව්වාට ඉතින් දෙව්නක කියන්නේ ජීවිතේටවත් ආදරය කරලා නැති කිරි කෝඩු කාරයෙක් නම් නෙමෙයි. දෙව්නකගේ ආදර හිත ඉස්සරවෙලාම නතර වෙන්නේ පාසල් ප්‍රේමයක් ළඟ. ඒක තමයි දෙව්නකගේ හිතේ වැඩිපුරම තදින් සටහන් වුණ ආදර කතාව. ඊට පස්සේ අද වෙනකල් දෙව්නකගේ හිතට වැදුණ කෙනෙක් මුණගැහිලා නැහැ. පාසැලෙන් ඉවත් වුණාට පස්සේ මේ ආදර කතාව ටික ටික දුරස් වෙලා නතර වෙලා ගිහින්. පාසැල් කාලයේ පටන් ගන්න නව යොවුන් ආදර කතා බොහොමයක් අතරමඟදි නතර වෙනවා. ඒක ස්වභාවයක්නේ.

තිරයේදී පෙම්වතා වෙන්න අපහසු වෙන්නේ සහායට රඟපාන නිළිය දුරස් කෙනෙක් වුණොත් කියලත් දෙව්නක කියනවා. ඔහු තිරයේ දී සාර්ථක පෙම්වතෙක් වන්නේ සහය නිළිය එක්ක ගොඩනගා ගන්නා සමීප මිත්‍රත්වයත් එක්කලු. පෙම් ජවනිකා සාර්ථකව රඟපාන්න නම් පෙම්වතියගේ චරිතය රඟපාන කෙනාට ළංවෙන්න පුළුවන් වෙන්න ඕනේ කියලයි දෙව්නක මේ කියන්නේ. කාවින්ද්‍යා අධිකාරි (Kavindya Adikari) ඒ සමීප මිත්‍රත්වය දෙව්නකට අඩුවක් නැතිව දීලා තියෙනවා කියලා ඔහුගේ සාර්ථක රංඟනය දැක්කාම පැහැදිලි වෙනවා.

Devnaka Porage Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close