
Nuwan Gunasekara Exclusive from Starfiends.lk
නුවන් ගුණසේකර (Nuwan Gunasekara) කියන්නේ අති දක්ෂ නර්තන ශිල්පියෙක්. ඒ වගේම පසුව ඔහු රංඟන ශිල්පියෙක් බවටත් පත්වුණා. රියැලිටි වේදිකාවේ දී නුවන් ප්‍රවේගකාරී තරගකරුවෙක්. මේ ආකාරයට ජනතාව අතර නමක් දිනා සිටි නුවන් හිටි හැටියේ අතුරුදන් වීම රසික ජනතාවට ගැටලුවක් වුණා.
ඒ ගැටලුවට පිළිතුරු දෙමින් නුවන් මේ දවස්වල මොකද කරන්නේ කියලා මාධ්‍යයට හෙළි කරනවා. ව්‍යාපාර කටයුත්තකට අතගහපු නිසා තමයි නුවන්ට මේ ආකාරයට රංඟනයෙන් ඈත් වන්න සිදුවන්නේ. අනෙක් අතට ඔහු ටියුෂන් පන්ති ටික ඉතාම වගකීමෙන් සහ කැපවීමෙන් කරගෙන යන නිසාත් මේ විදියට රංඟනයෙන් ඈත් වෙනවා.
හැබැයි ඉතිං හොඳ වැඩක් ලැබුණොත් නම් නුවන් සළකා නොබලා ඉන්නේ නැති වෙයි. විශේෂයෙන්ම නුවන් ආසාවෙන් ඉන්නේ චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න.
තමන්ගේ වටිනාකම ගෙවන්නේ නැත්නම් එවැනි නිර්මාණවලට ද සම්බන්ධ නොවී ඉන්න නුවන් වගබලා ගන්නවාලු. මොකද දැන් ඔහු ඉස්සර වගේ ලැබෙන ඕනම නිර්මාණයක් භාරගන්න මට්ටමක නැති නිසා.
නුවන් කියන්නේ මාර්ෂල් ආර්ට් ප්‍රගුණ කළ අයෙක්. ඉතිං ඔහු කැමතියි ඒ හැකියාව එක්ක සිනමා නිර්මාණයකින් මුණගැහෙන්න.
නුවන්ගේ පෞද්ගලික ජීවිතය ගැන කියනවා නම්, ඔහුගේ ජීවිතයේ යම් වෙනසක් සිදු කළ හැකි කෙනෙක් සිටියද මේ වන විට නොගැලපීම් නිසා නුවන් ඉන්නේ තනිකඩව. අනාගතයේ දවසක මේ තනිකමෙන් ඈත් වෙන්නත් ඔහුගේ අදහසක් තියෙනවා.
නිතර නිතර පේන්න හිටියාම අගයක් නැති බව නුවන් කියනවා. ඉතිං හොඳ වැඩකින් හමුවෙමු කියලා තමයි නුවන් ඔයාලා හැමෝටම කියන්නේ.
Nuwan Gunasekara Exclusive from Starfiends.lk