
අපි දන්න කියන විදියට ශලනි විජේබණ්ඩාර මුලින්ම Teledrama එකකට සෙට් වුණේ 2009 අවුරුද්දෙදි. ඒ කියන්නේ මීට හරියටම අවුරුදු දහයකට ඉස්සර වෙලා. අවුරුදු දහයත් කියන කාලයක් ඉතින් ලේසි නෑ. ශලනි මේ වෙනකොට Teledrama හතළිහකටත් වැඩි ගානකට සෙට්වෙලා ඉඳලා තියෙනවා. ශලනිගෙ මුල්ම ටෙලිය තමයි පූජාසනය. මේකෙ ශලනි කරේ සුබා කියන රෝල් එක. ඒක තමයි start එක. ඕන කෙනෙක්ට ඉතින් තමන්ට වාසිවෙන විධියේ කාලයක් එනවානෙ. කොහොම වුණත් 2012 තමයි ශලනිගෙ lucky year එක. මොකද 2012දි ටෙලිඩ්රාමා 7ක් විතර කරලා තියෙනවා. මේ අතරෙම ෆිල්ම් කීපයකුත් ශලනිට සෙට්වුණා. හැබැයි ඉතින් අපි කවුරුත් දන්නෙ නෑ ශලනි කියන්නේ කව්ද කියලා එයා සිරස කුමරියට සම්බන්ධ වෙනකම්. ශලනිගෙ turning point එක වුනේ මෙන්න මේ සිරස කුමරිය තරඟය. එතන ඉඳලා තමයි ශලනි තමන්ගේ ටැලන්ට් එකින් එක පෙන්නන්න පටන්. ගත්තෙ. ඒ පටන් ගත්ත express ගේම් එක තවමත් ශලනිගේ නැවතීමක් නම් නෑ. ඒකත් හරි කියමුකො. ඒක ඉතින් ශලනිගෙ talent එක. ඒ ගැන ඉතින් වැඩිය කවුරුත් හිතන්න ඕන නෑ. මොකද එහෙම දේවල් හැමෝටම පිහිටන්නෙත් නෑනේ.
කොහොම හරි ඉතින් මේ කතා කරන්න හැදුවේ ආගිය තොරතුරු නෙවෙයි. ඔන්න දැන් ශලනි ආයෙමත් ගේම් එකක් ගහන්න පටන් අරන් තියෙන්නේ. එයා දැන් නිකම්ම නිකන් කෙනෙක් නෙවෙයි රැජිනක්. රැජිනක් කිව්වට ඉතිං ඔටුනු, මාල, වලලු දාගෙන ඉන්න රැජිනක්මත් නෙවෙයි. ඒ වගේම තමයි ඉතින් රැජිනක් වෙන්නත් රජෙක් ඉන්නත් එපාය. කොහොමහරි කමක් නෑ දැන් මෙයා රැජිනක් වෙලා ඉන්නෙ. මෙයා මේ රැජිනක් වුණ කතාවේ ටෙලිය දැන් ඔන්න ස්වර්ණවාහිනියෙන් ටෙලිකාස්ට් වෙනවා. ඒකෙ නම තමයි ‘ක්වීන්’. ඉතින් ඔයාලා හැමෝටම දැන් රෑ 8.30 ට ශලනිගේ ‘ක්වීන්’ එක්ක එකතු වෙන්න පුළුවන්.