GossipsHollywood & Bollywood
කාජල්ගේ පවුලත් වෙන් වෙන්න යන්නෙ. අකමැත්තෙන් වුණත් ඒ තීරණය අරගෙන.

අජේ – කාජල් කියන්නෙ බොලිවුඩ්වල සිටින ආදර්ශමත්ම පවුලක්. දවසින් දෙකෙන් කසාද ඉහිරෙනකොට අජේ කාජල් පවුල ශක්තිමත්ව එකිනෙකා බැඳුනා. මේ ආදරණීය පවුලෙන් එක්කෙනෙක් ඈත්වෙන්න යන බව ආරංචි වුණාම හුඟක් අය ඒ ගැන දුක් වුණා. අජේ -කාජල් සුන්දර පවුලෙන් මේ විදියට ඈත් වෙලා යන්නෙ එයාලගෙ ආදරණීය දියණිය. ඇය නමින් නයිසා දේව්ගන්. පුංචි කාලෙ ඉඳලම නයිසා අධ්‍යාපනයට හුඟක් දක්ෂයි. දැන් නයිසා තරුණ දියණියක්. ඇය ඇයගෙ උසස් අධ්‍යාපන කටයුතු සඳහා සිංගප්පූරුවට යනවා. පවුලෙන් වෙන්වෙලා දියණිය සිංගප්පූරු යන එක අජේට දරාගන්න අසීරුයි. ඒත් කාජල් එයාගෙ පාසල් කාලයේ බෝඩිං ජීවිතය සිහි කරලා හිත හදාගන්නවා. කාජල් තමන්ගෙ දරුවන්ව මාධ්‍යයට නිරාවරණය කරන්න ඒ තරම් කැමැති නැහැ. ඒත් ඉතිං එයාලට මාධ්‍යයෙන් ගැලවිලා ඉන්න එකත් ලේසි නෑ. නයිසා ටිකක් ලැජ්ජාශීලී කෙනෙක්. ඒ නිසා පැපරාසි මාධ්‍යකාරයො ඉස්සරහා ඇය හරියට අපහසුතාවට පත්වෙනවා. ඒ නිසා නයිසා එක්ක ආරක්ශකයො යවන්නත් කාජල්ට සිද්ධවෙනවාලු.