Daily News
Trending

කාංචනා දරුපවුලත් එක්ක ලංකාවට ඇවිත්.




එංගලන්තයේ ලන්ඩන් නුවර පදිංචිවෙලා ඉන්න කාංචනා පහුගිය දවසක ලංකාවට ආවා. ඒ කෙටි නිවාඩුවකට. මේ වතාවේ කාංචනා ලංකාවට එන්නෙ අවුරුදු තුනකට පස්සේ. ඔක්කොම දවස් තිස්පහක් වගේ තමයි කාංචනාට මෙහේ රැඳිලා ඉන්න නිවාඩු තියෙන්නෙ. දරුවන්ගේ පාසල් නිවාඩුව ඉවර වෙනකොට ආයේ එයාලට යන්න වෙනවා. දැන් කාංචනා දරුවෝ තුන්දෙනෙක්ගේ අම්මා කෙනෙක්. ලොකු පුතාට අවුරුදු 8ක්. දුවට අවුරුදු 5යි. චූටි පුතාට අවුරුදු එකහමාරයි. මෙයාලගෙ වැඩත් එක්ක කාංචනාට කාලය ගතවෙනවා දැනුනෙ නැතත් ලංකාවෙ ඉන්නවා වගේ නම් නෑලු. තනිවෙලා වගේ හැඟීමක් හිතට එනවලු. කාංචනාට එහේදි සසන්තිව, පුණ්යා හීන්දෙනිය මහත්මියව එහෙමත් මුණගැහෙනවා. ඉඳහිට කාංචනා ප්‍රසංගවලටත් සහභාගී වෙනවා. හදිසියෙන් වුණත් ලංකාවට ආවම කාංචනාව මෙහේ අයට අමතක නෑ. හරිම ආදරෙන් පිළිගන්නවා වගේම නිර්මාණ වලටත් කතා කරගන්නවා. එහෙම ආපු වෙලාවක රඟපාපු ගිරිකුළ නාට්යයට කාංචනා හොඳම නිලියටත් නිර්දේශ වෙනවා. ඒත් මේ වතාවෙ නම් කාංචනාට නිර්මාණයකට සම්බන්ධ වෙන්න තරමක් අපහසුයි. ඉක්මනටම ලංකාවෙන් යන්න වෙනවනෙ. ඒකයි. ලංකාවෙ ඉන්න දවස් ටිකේ කාංචනා ප්‍රසංගවලට එහෙම සම්බන්ධවන බව තමයි අපිට දැනගන්න ලැබුණෙ.

Tags
Show More
Close