Daily News
Trending

කළනට දැන් Dance කරන්නයි fight කරන්නයි දෙකම පුලුවන්ලු.

Kalana Gunasekara




Kalana Gunasekara Exclusive from Starfriends.lk

සමහර වෙලාවට ලංකාවේ ⁣කලාව⁣ට කැමැත්තෙන් ඉන්න මිනිස්සුත් තනිකරම ඉතින් පිස්සුවක් තමයි. මොකද තමන් කැමති නළුව, නිළිය ඉන්නේ මොන ටෙලි ඩ්‍රාමා එකේද, ආයෙත් ඉතින් මොකක් උනත් කමක් නෑ ඒක වෙලාවට කලාවට පිලිවෙලට බලල ඇති. ඒ එක සෙට් එකක්. තවත් සෙට් එකක් ඉන්නවා හැම දෙයක්ම කරන්නේ හොඳට හොයල බලල වගේම තමයි ටෙලි ඩ්‍රාමා බලන්නෙත් තෝරා බේරගෙන. ඒත් ඔය කොයි කාටත් තේරීමක් කරන්නෙ නැතුව ඩ්‍රාමා බලන්න වෙන වෙලාවලුත් තියෙනවා. ඒකට නම් ඉතින් ඒ බලන ඩ්‍රාමා එකේ talent තියෙන චරිතයක් හෝ දෙකක් ඉන්නම ඕන. ඉතින් අපි මේ කතාකරන්නෙත් actor කෙ⁣නෙක් විදියට තමන්ගේ talent පෙන්නලා ඉස්සරහට ආපු චරිතයක් ගැන. චරිතෙ තමයි කූඹියෝ ඩ්‍රාමා එකේ ප්‍රියන්ත මහ උල්පතගම. නෑ..නෑ. එයා ගැන නෙවෙයි මේ කතාකරන්නේ කළන ගුණසේකර ගැන.

කළන කියන්නේ stage drama වලින් වැඩ පෙන්නලා teledrama වලත් අමතක වෙන්නෙ නැති චරිත ටිකක් කරපු නළුවෙක්. ඔයාලට මතක ඇති මේ පාර තිබුණු රයිගම් සම්මාන උලෙළේදිත් හොඳම නළුවාට අයිති සම්මානෙ ගත්තේ කළන.

කොහොම උනත් කළන මෙන්න මෙහෙම නම් කියලා තියෙනවාලු. මොකද ගොඩක් අය කළනව දකින්නේ වෙනම විදියෙ චරිත වලින්නේ. අන්න ඒ නිසා එක එක තැන්වලදී එයාට හම්බවෙන්න තියෙන චාන්ස් පවා මිස් වෙලා යනවා. ඒ ගැනම හිතලද දන්නෙ නෑ කළන වාණිජ සිනමාව ගැන මෙහෙම කියල තියෙන්නෙත්.

“මම වාණිජ සිනමාවට ටොප් එකට ගැලපෙනවා. මොකද මට ෆයිට් කරන්නයි ඩාන්ස් කරන්නයි වගේම ඕනිම දෙයක් පුළුවන්. අපි විකල්පධාරාවේ ඉන්නවා වගේම කරපු පොඩි වාණිජ රසයක් තියෙන නිර්මාණ කිහිපයක් ඉදිරියට එන්නත් තියෙනවා. මෙහෙමයි වාණිජමය සිනමාවෙන් මම ආස කරන තෘප්තිමත් විය හැකි නිර්මාණ මට හම්බෙලා නෑ. හැබැයි අනිත් පැත්තෙන් හොඳ නිර්මාණ රාශියක් මට ලැබුන. කවුරු හරි මාව හොඳ වාණිජ සිනමා නිර්මාණයකට යෝජනා කලොත් සලකා බලල මම කරලා දානවා.”

Kalana Gunasekara Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close