Daily News
Trending

කසාදෙන් පස්සේ අකිල වෙනස් වෙලාලු.

Akila Dhanuddara




Akila Dhanuddara Exclusive from Starfriends.lk

ඇන්තනි පවුල හඳුන්වන්න ඕන කොහොමද කියලා කවුරු හරි ඇහුවොත් කියන්න තියෙන සරලම උත්තරේ තමයි කලා පවුලක් කියලා කියන එක. ඒක ඕනෙම කෙනෙක්ට තර්කයක් නැතුවම පිළිගන්න වෙන දෙයක්. මොකද පවුලේ ඉන්න පස් දෙනාගෙන් පස්දෙනාම කලාවේ තියෙන හැම ,පැත්තක්ම වගේ cover කරපු අය. තාත්තාගෙන් පටන්ගත්තාම අම්මලා, දුවලා, අය්යලා , මල්ලිලා හැමෝම එක අත්තේ වහපු කුරුල්ලෝ වගේ. ඒ දක්ෂතාවය කියන එක සහජයෙන් ආපු දෙයක්ද එහෙමත් නැත්තම් තම තමන් විසින්ම ඉගෙන ගත්තද කියන එක දන්නේ ඒ ඒ අයම තමයි. එ්ත් ඉතින් මිනිස්සු කොහොම තේරුම් ගනීවිද කියන්න නම් දන්නේ නෑ. මොකද මිනිස්සුන්ටත් උවමනා වෙන්නේ තමන් කියපු, තමන් හරි විදියට දැකපු දෙයක්, වැරද්දක් වුනත් කමක් නෑ හරියි කියලා කියන්න.

කොහොමහරි මීට ටික කාලයකට ඉස්සරවෙලා අකිල ,marry කලා. එයාගේ වයිෆ්ගේ නම තමයි අමන්දා. මේ දෙන්න එක පාරටම වගේ marry කරාට එහෙම නෑ. හොඳට ආදරේ කරලා තමයි එතනට අඩිය තියලා තියෙන්නේ. දෙන්න මුලින්ම හම්බ වෙලා තියෙන්නේ නම් යහළුවන්ගේ මැදිහත් වීමෙන්. ඉතින් අකිල ගැන , මුලින්ම දැකපු දවස් ගැන කියන අමන්දා අකිල ගැන නම් කියන්නේ ‘අකිලව මුලින්ම දකිනකොට අකිල සෑහෙන්න කෙට්ටුයි කියලා. ඒ විතරක් නෙවෙයි අකිලගේ ඇඟ දැකලා ඇත්තටම දුක හිතුනාලු.’ ඒකත් ඉතින් මාරම දෙයක් නේද? කෙල්ලෙක්ට කොල්ලෙක්ගේ ඇඟක් දැකලා දුක හුතෙනවා කියන්නේ? හරි ඒ ඉතින් ඉස්සෙල්ලානේ, මැරී කරාට පස්සේ තමයි ඉතින් දෙන්නට දෙන්නා අඳුර ගත්තේ. සාමාන්‍යයෙන් අකිල දුක හිතුනම කරන්නේ ඒ වෙලාවට සද්ද නැතුව පැත්තකට වෙලා ඉන්න එකලු. ඒ වගේම තමයි සතුටක් දැනුනම කරන්නේ ගොඩක් සතුටින් ඒ ගැන කියන ඒකලු. ඒත් ඉතින් අපි නිතරම කතා වෙනවා වගේ ප්‍රශ්න තියෙන්නේ කසාද බැඳපු මිනිස්සු දෙන්නට නෙමෙයි, අනිත් මිනිස්සුන්ට, වටේ පිටේ ඉන්න අයට. අන්න එකයි වැඩේ. මෙන්න මේ කියන අයම ලඟදි කියලා තියෙනවා අකිල marry කරාට පස්සේ හුඟක් වෙනස් වෙලාලු. ඉස්සර හිටපු කෙනා නෙවෙයි කියලා. ඔව් ඒක නම් ඇත්ත. අමන්දාත් ඒක කියලා තියෙනවා. කොහොමත් කෙල්ලෙක්ටනේ කියන්න පුළුවන් තමන්ගේ කොල්ල ගැන. ඒ වගේම තමයි හස්බන්ඩ් ගැන මොනවද වයිෆ් ට කියන්න බැරි. ඉතින් එයා මෙන්න මෙහෙමයි කියලා තියෙන්නේ. “ එයා බැන්දම වෙනස් වෙලා කියලා ගොඩක් අය කියනවලු.අමන්දා කියන විදියටනම් ඒක ඇත්ත. බඳින්න ඉන්න කාලෙත් අකිලට වගකීම් එහෙම වැඩි වුනාලු. ඉතින් දැන් එයා පෙම්වතෙක් වෙලා ඉන්නවට වඩා වගකීමෙන් ස්වාමිපුරුෂයෙක් විදියට ඉන්නකොට වැඩ කරනවාලු. අනාගතයේදී තාත්තා කෙනෙක් විදිහටත් වගකීමෙන් වැඩකරයි කියල තමයි අමන්දා නම් කියන්නේ. බලන් ගියාම අකිල වෙනස් වෙලා කියලා කියන කතාව බොරුවක් නෙමේ. ඔව් දැන් අකිල මැරිකරන කොට හිටිය කෙනා නම් නෙවෙයි. එයා වගකීම කරට ගත්ත කෙනෙක් වෙලා කියලා තමයි හැමෝටම පේන්න තියෙන කාරණාව.

Akila Dhanuddara Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close