
රයිනි චාරුකා ගුණතිලක නම කිව්ව ගමන් ආයෙ ඉතින් අටුවා ටීකා ටිප්පනි කියන්න ඕනි කමක් නෑනේ. නවීන ප්‍රවීනයා කියල කව්රුත් හදුන්වන රූකාන්ත ගුණතිලකයන්ගේත් චන්ද්‍රලේකා පෙරේරගේත් ලොකුදුව තමයි රයිනි. රූකා ලේඛා ගෙ දස්කම් අඩුවක් නැතුව රයිනිටත් පිහිටලා තියෙන නිසාම රයිනිත් කාලෙන් කාලෙට අලුත් වැඩක් කරන්න උනන්දු කෙනෙක්. රයිනිගෙ අලුත්ම ගීතය පහුගිය දවසක නිකුත් කලා. කලුවරට හිත බය හින්ද කියල තමයි මේ ගීතය නම් කරල තිබුණේ. ගීතයේ පද ලියල තියෙන්නෙ මනුරංග විජේසේකර තනුව සහ සංගීතය දිනේශ් ගමගේ. ඉතින් මේ තුන්කට්ටුව එකතු වෙලා නිර්මාණය කරපු මේ සිංදුව අලුත්ම විදිහකට මලයාලම් වර්ශන් එකකින් ප්‍රතිනිර්මාණය කරන්න රයිනි සූදානම්ලු. මලයාලම් ගීයේ පද ලියන්නෙ පොට්ටුවිල් අස්වින්. රයිනි පහුගිය කාලෙ නිර්මාණය කල චංචල දෑසේ මායා ගීතයත් මල්වාරම් ගයමින් ගීතයත් දමිල හෝ වෙනත් භාශාවකින් නැවත ගයන්න කැමැත්තෙන් හිටියත් ගීතයේ නිශ්පාදන අයිතිය තමන්ට තිබුණේ නැති නිසා ඒ අවස්තාව තමන්ට මගහැරුනා කියල තමයි රයිනිනම් කියන්නෙ. ඒ අඩුව පිරිමගන්නත් එක්කම රයිනි මේ ගීතය තෙලිගු භාශාවෙන් ගායනා කරන්න තීරණය කරල තියෙන්නෙ. පහුගිය කාලෙ රයිනි සිරස The Voice Sri Lanka වැඩසටහනෙ විනිසුරු වරියක් වගේම පුහුණු කාරිනියක් විදිහටත් වැඩ කටයුතු කලා. පුහුණු කාරිනියක් විදිහට කටයුතු කල අත්දැකීම රයිනිට අලුත් වෙනස්ම අත්දැකීමක් උනාලු. ඒ අත්දැකීමත් එක්ක රයිනි හඩ පුහුනු පන්ති පවත්වමින් ළමයින්ට උගන්වන්නත් පටන් අරන්. ලංකාවෙන් එලියෙ ජාත්‍යන්තර ප්‍රේක්ෂක ආකර්ශණය දිනාගන්නනම් දක්ශතාවය පමනක් මදි රාජ්‍ය අනුග්‍රහය සමග ආර්ථික හැකියාවත් ප්‍රබලවම අවශ්‍යයි කියල රයිනිනම් කියන්නෙ. ජීවිතේ අත්විදපු දේවල් එක්ක ජීවිතය බැරෑරුම්ව හිතන්න පුරුදු වෙලා නෑ කියන රයිනිට 2022 අතිසාර්ථක වසරක් වෙන්න කියලයි අපි ප්‍රාර්ථනා කරන්නෙ.