Daily NewsInterviews
Trending

කලාව ගැන කතා කරන්නත් රටක් තියෙන්න ඕනා – ගයාන් වික්‍රමතිලක

Gayan Wickramathilaka




Gayan Wickramathilaka Exclusive from Starfriends.lk

ඔයාලට මතක ඇති ගයාන් වික්‍රමතිලකගේ මුලින්ම ජනප්‍රිය වුන නාට්‍යක් දැක ගන්න පුලුවන් වුනේ ස්වර්ණවාහිනී නාලිකාවෙන්. එතන ඉඳල ගයාන් තමන්ගේ ගමන් මඟ හෙමි හෙමින් ගොඩනගාගන්න පටන් ගත්ත. ඒ විතරක් නෙවෙයි ඒ අතරවාරේ මතක හිටින චරිත කීපයක් කරන්නත් ගයාන් සමත්වුණා . මේ දවස්වල නම් ගයාන් ගැන වැඩියෙන් කතා කරන්නෙ සිරස tv එකේ විකාශය වෙන සක්කාරං නාට්‍ය නිසා. ඒත් තවත් විදියකට කියනවනම් පහුගියදා ඇති වුනු කලබලකාරි වාතාවරණය නිසා ගොඩක් දෙනෙක් විවිධ ප්‍රකාශ fb ,එකට දැම්මා. මේ නිසාත් එක් එක් අය ගැන විවිධ විදියට කතාබහ ඇති වුනා. ගයාන් ගැනත් ඒ කාරණාව ඒ විදියටම සිද්ධ උනා. ඉතින් අන්න ඒ හැම හැම දෙයක්ම දැන ගන්නත් එක්ක starfriends අපි ගයාන්ට කතා කරා.

ඉතින් ගයාන් මේ දවස්වල ජීවිතේ කොහොමද?

වැඩ නම් ටිකක් මඟ ඇරිලා තිබුනෙ පහුගිය ටිකේ සිද්ධ වුණු දේවල් නිසා. ඒත් දැන් නම් වැඩ ටිකක් කරගෙන යනවා.

ඒ කියන්නෙ අලුත් වැඩවලට සම්බන්ධ වුනේම නැද්ද?

ඉස්සරහට නම් වැඩ ටිකක් කරන්න තමයි හිතාගෙන ඉන්නෙ. ඒත් පාස්කු දවසෙ සිද්ද වුණ පිපිරීම් නිසා වැඩ ටිකත් කල්ගියා. කොටින්ම කියනවානම් හැම දෙයක්ම එකම තැන නතරවෙලා තියෙන්නේ .

එතකොට ගයාන් කියන්නෙ මේ හැම දෙයක්ම කලාවටත් බලපෑව කියලද?

අනිවාර්යෙන්ම ඔව්. එතනින් කලාව කියන්නෙ එකක් විතරයි. ඒක එක ක්ෂේත්‍රයකට නෙවෙයි මුලු ලංකාවටම බලපාලා තියෙන්නේ.

ඒ වුනාට ගයාන්ට දැන් වැඩවලින් අඩුවක් නෑනේ?

පොදුවේ යම් තරමක අඩුවක් තියෙනව. ඒත් මම කතා කරන්නෙ මං ගැන නෙවෙයි අනික් හැමෝම වෙනුවෙන්. ඒකයි සමහරු මට එක එක දේවල් කියන්නේ. ගයාන් වික්‍රමතිලක අරම කෙනෙක් ,මෙහෙම කෙනෙක් කියලා.

අරම කෙනෙක් මෙහෙම කෙනෙක් කිව්වෙ?

නෑ, මම කරන කියන දේවල් එක්ක සමහරු මාව අල්ලගෙන ඉන්නේ වෙනම තැනකින්. මම අනික් ආගම් ,ජාතීන් පහතට දාලා කතාකරන මිනිහෙක් විදියට සලකලා.කොටින්ම එක එක ලේබල් අලවලා..

ඔයා කියන දේවල් එක්ක බැලුවම මේ වෙලාවේ අලවන්න තියෙන ලඟම ලේබල් එක ගයාන් ජාතිවාදියෙක් කියලා හරිද?

ඔව්. ඒක තමා දැන් වෙන්නේ ඇත්ත කතා කරාම අපි ජාතිවාදියෝ වෙනවා. මම සියලු ආගම් හා ජාතීන්ට ප්‍රේම කරපු මිනිහෙක්. ඒත් කවුරුත් හිතන්න ඕන ලංකාව තුල බෞද්ධයා ශක්තිමත් විදියට මේක අල්ලගෙන නොහිටියොත් හින්දු, මුස්ලිම් ,කතෝලික කියන හැමදෙනාම අනාරක්ෂිතයි. ඉතින් මම අන්න එහෙම කියද්දි ගයාන් වික්‍රමතිලක කියන්නේ ජාතිවාදියෙක්. මිනිස්සු තේරුම් නොගන්නෙත් අන්න ඒකයි.

මිනිස්සු තේරුම් නොගත්තේ කොතන කියලාද ඔයා කියන්නේ?

අවුරුදු 71 ක කාලයක් තිස්සේ මිනිස්සු කිසිම දෙයක් තේරුම් ගත්තෙ නෑ. එන පක්ෂ දෙකෙන් කාට හරි ඡන්දෙ දෙන්න ඒ මිනිස්සුන්ට වෙලා තියෙනවා. වෙන විකල්පයක් නෑ. ඡන්දේ නොදී හිටියොත් 50% නෑ කියල ඡන්දෙ කැන්සල් වෙනවා. එතකොට නාස්ති වෙන්නෙ අපේම සල්ලි. ඒක නිසා මිනිස්සු දැනගන්න ඕන මින් පස්සෙවත් ඒ පත් කරන පුද්ගලයෝ අතරෙන් අතරින් සියයට සීයක් හොඳ මිනිස්සු නැති උනත් වැඩක් කරන්න පුළුවන් කීපදෙනා හරි පත් කරන්න.

එතකොට ගයාන් කියන්නේ මේ හැමදේකටම හේතුව දේශපාලනය කියලද?

ඔව් පක්ෂ බදාගෙන අපේ මිනිස්සු ඉඳල තියෙන්නෙ. අපි කැපුවත් කොළ ,කැපුවත් නිල් ,රතු කියල බදාගෙන. ශරියා වහබ් වගේ දේවල් නිසා සාමාන්‍ය මුස්ලිම් මනුස්සයෙක්ටවත් පාරේ බැහැලා යන්න බැරි වෙලා තියෙන්නෙ . දැන් තියෙන්නෙ නව යුගයක්. දේශපාලකයන් තීරණ ඒක දැනගන්න ඕනා . අනික තමයි දැන් මිනිස්සුන්ට ඕන කිරි හට්ටි ,පෙට්ටි වගේ ගෙවල් නෙමෙයි. කැලෑව පොඩ්ඩක් කරලා සුද්ද කරල හදලා දෙන චූටි ගෙවල් නෙවෙයි.දැන් ලංකාවට ඕන තට්ටු නිවාස යෝජනා ක්‍රම. අපිට තියෙන්නෙ සීමිත බිම් ප්‍රමාණයක්. ඒක නිසා අපි එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන .

හරි, එතකොට දැන් ඉන්න තරුණ තරුණියන්ගෙ කලාව ගැන තියෙන කැමැත්ත මොන වගේද?

දැන් ඉන්න අලුත් පරම්පරාව ගැන නම් මට ඒ තරම් සෑහීමකට පත් වෙන්න බැහැ. එක හේතුවක් තමයි පොතපත කියවන්නෙ නැහැ. අනික කලා නිර්මාණ රසවිඳිනව වගේ දේවල් ඒ අය අතින් වෙන්නේ නැහැ .ඒ අය ඉන්නේ බටහිර කරනයට ලක්වුණු පිරිසක් වගේ.තවත් අය ඔවුන්වම රැඩිකල් කියලා හඳුන්වනවා. මේ තරුණ පිරිස් හදන්නේ පවතින සමාජ ක්‍රමයට පිටින් යන්න. අලුතින් හැදෙන තරුණ පිරිස් යහ මාර්ගයට ගන්න දේශපාලනඥයන් ලඟ සැලසුම් ඇත්තෙත් නැහැ .ඒ ළමයින්ගේ අම්මලා තාත්තලා ගාවත් සැලසුම් ඇත්තෙ නැහැ.

කලාකරුවා දේශපාලකයෙක් නෙවෙයි. ඒත් ඔවුන් දේශපාලනයට සම්බන්ධ වීම තුළදී රසිකයන් ඔවුන්ගෙන් ඈත් වෙනවා කියල හිතෙන්නේ නැද්ද ?

ඔව් ඒක සහතික ඇත්ත .පහුගිය කාලයේ වුණත් දේශපාලකයෝ බලයට පත් කරන්න කලාකරුවෝ වේදිකා වල දුසිම් ගනන් කොච්චර නම් කෑගැහුවද. ඒ නිසාම ඔවුන් කොයිතරම් සුඛෝපභෝගී ජීවිත ගත කරාද. ඒත් අහිංසක මිනිස්සු 350ක් මැරිලත් එක්කෙනෙක්වක් කටක් ඇරලා කතා කරා ද?

ගොඩක් වෙලාවට අපි ආර්ටිස් කෙනෙක් එක්ක කතා කරාම කතාබහ සිද්ධවෙන්නේ කලා ලෝකය ගැන විස්තර. ඒත් ගයාන් එක්ක දාපු මේ චැට් එක පොඩ්ඩක් දේශපාලනික වුනා නේද?

අපි කලාව ගැන කතා කරන්න ඕන තමයි.ඒත් කලාව ගැන කතා කරන්න ඉස්සරවෙලා අපිට රටක් ඉතුරු වෙලා තියෙන්න ඕන.

Gayan Wickramathilaka Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close