Daily News
Trending

කලාවේ ප්‍රශ්න විසඳන්න ඕෂධී පාර්ලිමේන්තු එනවාලු.- ඕෂධී හේවාමද්දුම




ඕෂධී දැන් දරුවන් දෙදෙනකුගේ මවක්. ඇයගේ පුංචිම දියණියට තවම මාස හතරයි. ඒත් ඇය මේ දිනවල සිනමා නිර්මාණයකට පවා සම්බන්ධ වී සිටිනවා.

දරුවන් නිසා රංඟනයෙන් තාවකාලිකව ඈත් වී සිටියත් ඕෂධී “ශ්‍රී සිද්ධා” කියන සිනමා නිර්මාණය භාරගන්නවා. ඒකට හේතුව එහි අධ්‍යක්ෂවරයා සරත් වීරසේකර වීමයි. ගාමිණී වැනි නිර්මාණයක් කළ ඔහුගේ නිර්මාණයක් මඟහැරීම අපරාධයක් සේ ඇය සළකනවා. කොහොම වුණත් රූගත කිරීම් සඳහා ඇය සහභාගී වන්නේ දරුවන් දෙදෙනාම එක්ක.

ඕෂධී කාලයක් දේශපාලන වේදිකාවේ පවා දකින්න ලැබුණා. තවමත් ඇය දේශපාලනය සම්බන්ධයෙන් උනන්දුයි. කවදා හෝ දවසක පාර්ලිමේන්තුවට ඇවිත් කලාව වෙනුවෙන් යමක් කිරීමේ වුවමනාව ඇයට තියෙනවා.

මෙතුවක් කල් කලාකරුවන් පාර්ලිමේන්තුවට ගියත් කලාව වෙනුවෙන් යමක් කරන්න නොහැකි වුණේ පාලකයන්ගෙන් ඒ සඳහා සහයෝගයක් නොලැබුණ නිසා. ඉතින් කලාවට අතහිත දෙන නායකයෙක් පත් කර ගන්න දැන් අවස්ථාව උදාවී තිබෙන බවත් ඇය කියනවා. එහෙම වුණාම පාර්ලිමේන්තුවට ගිහින් කලාව වෙනුවෙන් හඬක් නගන්නත් පුළුවන්. ඒක ඕෂධී අනාගතේදී අත්පත් කරගන්න බලාපොරොත්තු වන හීනයක්.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close