
Bollywood Celebrities Exclusive from Starfriends.lk
කත්‍රිනා කයිෆ් සම්බන්ධයෙන් මේ දවස්වල සීරෝ නිසා හුඟක් කතාබහට ලක් වෙනවා. සීරෝ සිනමාපටයට කත්‍රිනා එක්ක අනුශ්කා ශර්මා ද එක්ව සිටිනවා. එහි අනුශ්කාගේ චරිතය අභියෝගාත්මක එකක් වුණත් කත්‍රිනාගේ චරිතයේ එවැනි අභියෝගාත්මක ස්වරූපයක් නැහැ. කොහොම වුණත් සීරෝ සිනමා කෘතිය අති සාර්ථක ලෙස මේ දිනවල තිරගත වෙමින් තියෙනවා. පේන හැටියට නම් වාර්තා පොත් අතරටත් යන හැඩයි.
දැන් මේ විධියට අති සාර්ථකත්වයක් අත්පත් කරගෙන සිටින කත්‍රිනා ටිකක් ලොකුසීන් දාන්න පටන් අරගෙන වගේ. තමන්ට ආරාධනා ලැබුණ සිනමා කෘතියක් ඇය භාරගෙන සිටියත් පසුව ඉන් ඉවත් වෙන්න තීරණය කරලා තියෙනවා. කත්‍රිනාට එපා වෙච්ච ඒ සිනමා නිර්මාණයට ශ්‍රද්ධා කපූර්ට ආරාධනා ලැබෙනවා. ඇය කත්‍රිනාට එපා වුණ නිර්මාණය කිසිම ලොකුකමක් නොපෙන්වා භාරගන්නවා.
රේමෝ දි සූසා අධ්‍යක්ෂණය කරන මේ නිර්මාණය නම් කරලා තිබුණේ ” එනිබොඩි කැන් ඩාන්ස්” කියලා මීට කලින් එනිබොඩ් කැන් ඩාන්ස් නමින් සිනමා කෘති දෙකක් තිරගතව තිබුණා. “එනිබොඩි කැන් ඩාන්ස් 2” හි ප්‍රධාන චරිතය නිරූපණය කළෙත් ශ්‍රද්ධා කපූර්ම වීම සුවිශේෂීයි. එහි තුන්වන සිනමා කෘතිය වන “එනිබොඩි කැන් ඩාන්ස් 3” සඳහා මුලදී කත්‍රිනා කයිෆ්ව තෝරාගෙන සිටියත් ඇය එය ප්‍රතික්ෂේප කළ නිසා ශ්‍රද්ධාට යළිත් දෙවැනි වතාවටත් එනි බොඩි කැන් ඩාන්ස් සමඟ එක්වන්න අවකාශය සැලසෙනවා.
පහුගිය වසරේ සාර්ථක සිනමා කෘති කිහිපයකම රඟපෑ ශ්‍රද්ධා මේ වසරේ ද විශිෂ්ට යැයි සැළකිය හැකි නිර්මාණ කිහිපයක රඟපෑමට නියමිතව සිටිනවා. ඒ අනුව දැවැන්ත සිනමා නිර්මාණයක් වන “සහෝ” සඳහා සහ බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක වන සානියාගේ ජීවිත කතාව අලලා සැකසුණ “සානියා” යන සිනමා කෘති සඳහා ශ්‍රද්ධාගේ රංඟනය එකතු වනවා.
මෙම වසරේදී ශ්‍රද්ධා කපූර් සිය සිනමා දිවියෙහි වැදගත් සංධිස්ථාන පසුකරනු ඇතැයි ඉන්දීය විචාරකයින් පවා මත පළ කරනවා.
Bollywood Celebrities Exclusive from Starfriends.lk