Daily NewsHollywood & Bollywood
කකුල කඩා ගත්ත Street Dancer – වරුන් ධවාන්

හරි හමන් විදිහට දෙයක් කරන්න ගියොත් එහෙම එතන පොඩි පොඩි කලඹ ගෑනි ඇතිවෙනවා කියන එක අහන්නත් දෙයක් නෙවෙයි. ඒ වගේම තමයි කතාවටත් අහල ඇතිනේ හෝටලේ පිඟන් බිඳෙන්නෙ වැඩ කරන මිනිහා අතින් කියලා. ඉතින් අනිත් හැම දෙයක් කරන්න ගියාමත් ඒක පොදු කාරණාවක්. වරුන් ධවාන්ට අදාළ වෙන්නෙත් අන්න ඒ සීන් එකම තමයි. මේ දවස් වල ඉන්දියාවේ shoot කරන film එකක් අතරතුරදි වරුන් ධවාන්ට accident එකකට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. Street dancer ෆිල්ම් එකේ shoot එකක් වෙලාවෙදි තමයි මේක සිද්ද වෙලා තියෙන්නේ. මේ ෆිල්ම් එක රිලීස් කරන්න කියලා මේ ගොල්ලො හිතාගෙන ඉන්නවා කියන්නේ ජනවාරි 24 වෙනිදා. ඉතින් දැන් ඉඳන්ම ඒගොල්ලො ලහි ලහියේ වැඩ. මෙන්න මේ වගේ වෙලාවක තමයි ධවාන් කකුල තුවාල කරගෙන තියෙන්නේ. ඒකත් එක්කම ඉතින් ෆිල්ම් එක shoot කරන එකක් නතර වෙලා තියෙනවා. ඒත් ඉතින් ඒක ඒ තරම් ලොකු සීන් එකකුත් නෙවෙයිලු. කොහොම වුණත් නළුවෝ කියන්නේ අපි වගේ නෙමෙයිනේ. ඒක වෙනම සීන් එකක්නෙ. මේ ෆිල්ම් එක anybody can dancer ෆිල්ම් සීරිස්එකේ 3වෙනි film එක. මේ ෆිල්ම් එකේ මේන් රෝල් දෙක කරන්නේ වරුන් ධවාන් එක්ක ශ්‍රද්ධා කපූර්. ප්‍රභූදේවාත් මේ ෆිල්ම් එකට සෙට් වෙලා ඉන්නවා. කොහොම හරි ඔන්න ඉතින් වරුන්ගේ දකුණු කකුලේ වෙච්ච ආබාධයක් නිසා ෆිල්ම් එකේ ෂූට් එක දැන් නතර වෙලයි තියෙන්නේ.