
ඔන්න ඕෂධීට එක්තරා ෆොටෝ එකක් ලැබෙනවා. මේ ෆොටෝ එක දැක්කම තමයි ඕෂධී පවා මේ විත්තිය දැනගන්නේ.
පින්තූරය එවන්නේ ඕෂධීගේ ෆෑන් කෙනෙක්. ඉතිං පින්තූරේ දැකපු ගමන් ඕෂධීටත් හිතාගන්න බැරිවෙනවා. ඒ තරම් සතුටුයි. ඉතිං ඕෂධී ඒ පින්තූරයත් එක්ක එයාගේ ෆෑන්ස්ලාට ස්තූති කරලා සටහනකුත් පළ කරනවා. ඒ වගේම ඕෂධී එයාගේ ෆෑන්ස්ලා හැමෝටම හුඟාක් ආදරෙයි කියලත් කියනවා.
ඉතිං කෝ තවම කියන්න බැරිවුණානේ මේ පින්තූරේ මොකක්ද කියලා. මේ හුළං වැඩි කාලේ. ඒ කියන්නේ සරුංගල් යවන්න කියාපු කාලේ. නිකමට අහස බලන්න. සරුංගල් කීයක් පාවෙනවද කියලා. එහෙම බලද්දී ඔයාලට ඕෂධී හිමාෂාත් අහසේ පාවෙනවා කියලා දැක්කොත් පුදුම වෙන්න එපා. ඇයි දන්නවද? ඕෂධීට ආදරය කරන ෆෑන් කෙනෙක් ඕෂධීගේ පින්තූරයක් එක්ක විශාල සරුංගලයක් හදනවා. ඉතිං මේ සරුංගලයේ පින්තූරයක් තමයි ඕෂධීටත් දකින්න ලැබෙන්නේ.
ඕෂධීගේ රූපයෙන් සැරසුන මේ සරුංගලය ඉහළ අහසේ සැරිසරනවා දකින්න තමයි ඒ පුද්ගලයා ආස වෙලා තියෙන්නේ.
බලන්න ඉතිං .. මේ තරම් ආදරයක් ලැබෙනවා කියන්නේ මොන තරම් වාසනාවක්ද? ඕෂධී කියන්නේ අන්න ඒ වාසනාවට හිමිකම් කියන කෙනෙක්.