Daily News
Trending

ඕෂධී සෙට් එකට එක්ක යන අලුත් කෙනා..




ඕෂධී හේවාමද්දුම කියන්නේ ප්‍රවීණ දක්ශ රංඟන ශිල්පිනියක්. අමතක නොවෙන චරිත කිහිපයකින්ම ඇය ප්‍රේක්ෂක මනසේ රැඳී ඉන්න චරිතයක්.

පසුගියදා ඇය දෙවන වරටත් මව් පදවිය ලැබුවා. දෙවැනිවර ඇයට ලැබුණේ දියණියක්. බොහොම සතුටෙන් ඉන්න ඕෂධී මේ වෙනකොට නතර කරලා තිබුණ වැඩ ආයේ පටන්ගෙනලු දැන් දියණියට මාස තුනක් වෙන නිසා. ඉතින් ඇය දැන් ෂූටිං යනකොට සෙට් එකට අලුත් කෙනෙකුත් එක්ක යනවලු. ඒ ඇගේ පුංචි දියණියව. ඕෂධීගේ අම්මත් යනවලු ඇය එක්ක දියණියත් අරගෙන. ඇය රඟපානකොට දරුවා බලාගන්නේ අම්මලු.

ඕෂධී කියන්නේ දියණියට මාස හයක් යනකම් මව්කිරි දෙන එක නතර කරන්නේ නැහැ කියලා. ඒකලු මෙහෙම එක්ක යන්නේ. ඒ වගේම මේ අතරේ ඕෂධීත් ඇගේ සැමියත් අලුත් වැඩකට අතගහන්නලු බලන් ඉන්නේ. ඒ ඇකඩමියක් පටන් ගන්න එකලු. නිවේදනය, අධ්‍යක්ෂණය, රූපලාවන්‍යය, රංඟනය මේ හැමදේම ඇකඩමියෙන් කියලා දෙනවා කියලා තමයි ආරංචි.

Tags
Show More
Close