Daily News
Trending

ඕෂධිගේ ආදරේට නමක්.




ඕෂධී හේවාමද්දුම මෙරට බිහි වූ සුන්දර දක්ෂ රංඟන ශිල්පිනියක්. ඒ වගේම ඇය දේශපාලනයටත් යම් යම් ස්වරූපයෙන් මැදිහත් වුණා. කාලයකට ඉහත දී ඕෂධී විවාහක රූ රැජණ තරඟයකින්ද එක්තරා අංශයක් යටතේ ජයග්‍රහණය ලැබුවා.

විවාහ වුණා කියලා ඕෂධීගේ සුන්දරත්වයේ කිසිදු වෙනසක් සිදුවුණේ නැහැ. ඕෂධී දෙවැනි වතාවටත් මව් පදවියට පාත්‍රවුණේ චූටි දියණියකගේ උපතත් එක්ක. දියණියගේ උපතත් සමඟ ඇය දරුවන් දෙදෙනකුගේ ආදරණීය මවක් බවට පත් වුණා.

අලුත ඉපදුන චූටි දියණියට අර්ථවත් නමක් තියන්න ඕෂධීට වුවමනා වෙන්න ඇති. අවසානයේ හැමෝම එක්ක එකඟ වෙලා චූටි දියණියට නමක් ලැබෙනවා.

“ලිසාරා අභිලාශි බුලත්සිංහල” ඒක තමයි පුංචි දියණියට දීපු නම. මේ නම තියලා තිබුණේ නාමකරණයට ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක්. ඔහු නිවන්ක දිනාරංග රත්නායක. ඕෂධී තමන්ගේ දියණියට ගැළපෙන සහ වඩාත් සුභ නමක් තැබීම වෙනුවෙන් වෛද්‍ය නිවන්කටත් ස්තූති කරලා තිබුණා.

අවසානයේ චූටි දියණියගේ පින්තූරයකුත් එක්ක මේ නම සමාජ ජාල මාධ්‍යයට ඇය එකතු කරලා තිබුණා. අපි ඕෂධීගේ චූටි දියණියට සුබ පතනවා. කවදා හරි දියණිය මේ රටේ බබලවාවි. එතකොට ලිසාරා කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැතිවෙයි.

Tags
Show More
Close