
මිල අබේසේකර කියන රංඟන ශිල්පියාව අපට මුණගැහෙන්නේ මීට වසර විස්සකට විතර ඉහතදී.
එදා දැකපු අමිල තවමත් පෙම්වතාගේ චරිතය නිරූපණය කරනවා. ඒ තරම් ඔහු කඩවසම්.
මෑතකදී අමිලට එයාගෙ රංඟන ජීවිතයේ වෙනසක් කරන්න අවස්ථාව උදා වෙනවා. පෙම්වතාගේ චරිතයෙන් මිදී කිසියම් වෙනස් රංඟනයක නිරත වන්න ඔහුට අවකාශය උදා වෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි.
හිරු දේව කියලා අලුත් නාට්‍යයක රජ චරිතයක් නිරූපණය කිරීමේ වගකීම අමිලට පැවරෙනවා. ඒක නිකම්ම රජ චරිතයක් නෙමෙයි, ඓතිහාසික පරාක්‍රමබාහු චරිතය නිරූපණය කිරීමට තමයි අමිලව තෝරා ගන්නේ.
මෙච්චර කාලයක් රඟ දැක් වූ චරිත එක්ක ගත්තම මේ රජ චරිතය අමිලට නුහුරු අත්දැකීමක් . මොකද මීට කලින් ඔහු එවැනි නිරූපණයක් කරලා තිබුණේ නෑ. කොටින්ම ඒ දෙබස් පවා ඔහුට හුරු නැහැ. ඒ නිසා රඟපානවටත් වඩා දෙබස් හුරු කර ගන්න කාලය කැප කරන්න ඔහුට සිදු වුණාලු. මේ ආකාරයට රංඟන ජීවිතයේ වෙනස් අත්දැකීමක් මුණගැහීම සම්බන්ධයෙන් අමිලට නම් සතුටුයි. කොටින්ම ඔහු ඒ වෙනසට මනාපයි.
අමිල කියන්නේ ජනප්‍රිය නළුවා සම්මානය දිනාගත්ත කෙනෙක්. හොඳම නළුවා සම්මානයට ළඟා වුණ කෙනෙක්. ඒ වගේම ඔහු නිවේදකයෙක්. මේ දවස්වල නම් ඔහු නිවේදන කාර්යයේ නිරත වන්නේ නැහැ. හොඳ අවස්ථාවක් ලැබුණොත් ඔහු ඊට දායක වේවි.