Daily News
Trending

ඒ පාර ධනංජයයි උමාලියි එකතුවෙලා.




ධනංජය සිරිවර්ධන සහ උමාලි තිලකරත්න එකට මුණගස්වන නිර්මාණයක් ගැන පුවතක් අපිට අහන්න ලැබුණා.

පවුලේ සැමට එක්ව නැරඹිය හැකි නිර්මාණයක් වන මෙය ළමයින්ට වඩාත් සුදුසු නිර්මාණයක් බව කියන්න පුළුවන්.

“ප්‍රේමය නම්” කියන සාර්ථක නිර්මාණය සමඟ සිනමාවට පිවිසි කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ කියන දෙසොහොයුරන්ගේ දෙවැනි සිනමා ගමන ලෙස ” රූකඩ පැංචී ” හඳුන්වා දෙන්න පුළුවන්.

ජැක්සන් ඇන්තනී, ධනංජය සිරිවර්ධන, දිල්හානි ඒකනායක, උමාලි තිලකරත්න, බන්දුල විජේවීර, දයාදේව එදිරිසිංහ, නිරෝෂන් විජේසිංහ ඇතුළු රංඟන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක්. මෙහි රඟපාන බව දැනගන්න ලැබෙනවා. මාලනී ෆොන්සේකා, රවින්ද්‍ර රන්දෙණිය සහ බන්දුල නානායක්කාරවසම්, රූකඩ පැංචී හී ආරාධිත රංඟනයෙන් සිය දායකත්වය ලබා දෙනවා. මෙහි ප්‍රධාන ළමා නළු නිළි දෙපළ වන්නේ තුෂෙන්‍යා ෆොන්සේකා සහ ලක්ෂිත දේශාන් ය. ඔවුන් සිනමාවට හඳුන්වා දෙන්නේ රූකඩ පැංචී නිර්මාණය සමඟය.

රූකඩ පැංචී සිනමා පටයෙහි සංගීතය රෝහණ වීරසිංහයන්ගේ වන අතර මෙහි සියලු රූගත කිරීම් මේ වනවිට අවසන්ව ඇත.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close