
Anuradha Edirisinghe Exclusive from Starfriends.lk
අනුරාධා (Anuradha) කියන්නේ ක්ෂේත්‍රයට අලුත් මුහුණක්. නමුත් ඇය රියැලිටි වේදිකාවේත් දකින්න ලැබුණ නිසා දැන් බොහෝ දෙනෙක් හොඳින් හඳුනනවා.
අනුරාධා පසුගිය වර්ෂය පුරාවටම කරන්නේ එකම එක කැපකිරීමක්. රාවණා ටෙලිනාට්‍යය වෙනුවෙන් ඇය සියලු වැඩ අතහරිනවා. වසරක් පුරා එකම චරිතයක් වෙනුවෙන් කැපවෙනවා. අනුරාධා මුලින්ම ඉතිහාස කතාවකට සම්බන්ධ වන්නේ රාවණා හරහා. එහි ඇය නිරූපණය කරන්නේ රාවණාගේ මවගේ චරිතය. එය විශාල වගකීමක්. අනුරාධා ඒ වගකීම නිවැරදිවම හඳුනගෙන තිබීම නවක නිළියන්ට හොඳ ආදර්ශයක් ද වනවා.
අනුරාධා මේ විස්තර කියලා තිබුණේ සති අන්ත පුවත්පතකට. එහි සඳහන් ආකාරයට නම් ඇයට තවම පෙම්වතෙක් නැහැ. ඉස්කෝලේ කාලේ ප්‍රේම සබඳතා ඇති කරගන්න එපා කියලානේ දෙමාපියන්ගෙන් උපදෙස් ලැබෙන්නේ. අනුරාධා ඒ උපදෙස් අකුරටම පිළිපදිනවා. ඇය දැනටත් කියන්නේ ඒ කාලේ කරපු දේවල් හරි කියලා. දැනුම් තේරුම් ඇති වයසේදී ප්‍රේම සම්බන්ධයක් ඇති කරගැනීම මරු කියලත් අනුරාධා කියනවා.
වෙළෙඳ දැන්වීම්වල රංඟනය හරහා රංඟනයට ආපු අනුරාධා හීන දකින්නේ නීතීඥ වරියක් වන්න. දැන් ඒ හීන ටිකක් වෙනස් වෙලා. කොහොම වුණත් තවමත් ලාබාල තරුණියක් නිසා අනුරාධාට දිගු ගමනක් යන්න තියෙනවා. ඒ ගමනට අපි සුබපතනවා.
Anuradha Edirisinghe Exclusive from Starfriends.lk