Daily News
Trending

ඒ ආදරය මට විශ්වාසයි. මට එයාව ගොඩක් වටිනවා. -චානුක ප්‍රබුද්ධ

Chanuka Prabuddha




Chanuka Prabuddha Exclusive from Starfriends.lk

උස මහත කියන්නේ කොල්ලෙකුට ආභරණයක්. චානුකට ඒ ආභරණය ඕනවටත් වඩා පිහිටලා තියෙනවා. චානුක,(Chanuka Prabuddha) වර්තමාන ටෙලි තිරයට පායා ආ දිදුලන තරුවක්. ක්ෂේත්‍රයට පිවිසෙද්දීම ඔහු වාසනාවත් කරපින්නාගෙන එන්නේ. ඒ නිසා ජනප්‍රිය ටෙලි නිර්මාණ දෙකක රඟපාන්න ඔහුට අවකාශය සැලසෙනවා. මේ දවස්වල චානුකව හුඟක් අය හඳුන්වා දෙන්නේ මාලක නමින්. ඒ සකූගේ කතාව නිසා.

චානුකගේ (Chanuka Prabuddha) ජීවිතයේ ඔහු වඩාත්ම ආදරය කරන තරුණියක් ඉන්නවා. චානුක ඇයට කොයිතරම් ආදරය කරනවා ද කියනවා නම් මතු භවයක ඇය තමන්ගේ මව් වනු දැකීමට පවා ඔහු කැමතියි. මේ කියන්නේ චානුකගේ අක්කා ගැන. ඇය නමින් ඉෂිකා ප්‍රබෝධි. චානුකගේ අනිත් අක්කා ඉන්නේ විදෙස්ගත වෙලා.

ඉපදිලා අවුරුදු තුනක් ගත වෙද්දී චානුකගේ ආදරණීය අම්මා මියයනවා. මීට වසර තුනකට කලින් චානුකගේ තාත්තාත් මිය යනවා. ඊට පස්සේ චානුකට (Chanuka Prabuddha) මව් පිය සෙනෙහස ලබා දුන්නේ මේ අක්කලා දෙන්නා තමයි. ඒ අතරිනුත් ඉෂිකා අක්කා අද වනතුරුම චානුක ළඟින්ම ඉන්නවා. ඒ නිසා ඇය සහ චානුක අතර තිබෙන්නේ පුදුමාකාර බැඳීමක්.

ඉෂිකා ප්‍රබෝධි කියන්නේ හුඟක් ප්‍රසිද්ධ සමාජ සේවිකාවක්. ඇය තමන්ගේ එකම මල්ලිට පණ වගේ ආදරෙයි. මල්ලිගේ පර්ෆියුම් බෝතල් ඉවර කරන්න වගේම නැවත ගෙනල්ලා දෙන්නත් ඉෂිකා අක්කා හරි සූරයි. ඒ වගේම ඇයට හුඟක් ඉක්මනින් කේන්ති යනවා කියලත් චානුක කියනවා. විශේෂයෙන්ම අසාධාරණය හමුවේ ගොඩක් කේන්ති ගන්නවාලු. චානුකයි අක්කයි එකට ඉන්නවා කියන්නෙත් වලියක්ම තමයි. ගොඩක් වෙලාවට එහෙම වලි යන්නේ ටීවී බලන්න යද්දී. චානුක (Chanuka Prabuddha) ෂූටින් ඉවරවෙලා කෙලින්ම එන්නේ රූපවාහිනී තිරය ඉස්සරහට. ඒ සකූ කතාවේ ලේටස්ම එපිසෝඩ් එක බලන්න. ඒ ආපු වෙලාවට අක්කා වෙන මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් බල බලා හිටියොත් ඔන්න එදාට වලි. සාමාන්‍යයෙන් චානුකගේ වැඩේ කොයිවෙලෙත් රිවයින් කරමින් සකූගේ කතාව බලන එකලු.

ඉෂිකා අක්කා දැන් එයාගේ ජීවිතය ගොඩනගාගෙනලු ඉන්නේ. ඇය ඊළඟ භවයේදී තමන්ගේම සොහොයුරිය වී හෝ අම්මා වී ඉපදෙන්න ඕනේ කියන ආදරණීය ප්‍රාර්ථනාව චානුකගේ හිතේ තියෙනවා. කවදා කවුරු වෙනස් වුණත් ඉෂිකා අක්කාගේ ආදරය කිසිදා වෙනස් නොවන බවට චානුකට විශ්වාසයි. ඒ නිසා චානුකට (Chanuka Prabuddha) ඇයව හුඟක් වටිනවා.

චානුක (Chanuka Prabuddha) ඉගෙනීමෙන් ඉස්සරහට යයි කියලා අක්කලා දෙන්නාම හිතුවේ නෑලු. මොකද ඔහු ඒ තරමට ක්‍රීඩාවට නැඹුරුවෙලා ඉඳලා තියෙනවා. ඒත් පසු කාලයක ඔහු උපාධියක් පවා සම්පූර්ණ කරනවා. ඒ දේවල් කරගන්න චානුකට උදව් කරන්නේ අක්කලා දෙන්නා.

Chanuka Prabuddha Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close