
මවගේ යෙහෙළියකගේ සැලෝන් එකක ඡායාරූප සඳහා පෙනී සිටි ටනාෂාට ඊට පසුව මියුසික් වීඩියෝවකට සම්බන්ධ වෙන්න අවස්ථාව විවර වෙනවා. එතැනින් පස්සේ ඇය වෙළෙඳ දැන්වීම් කලාවේ දොර විවෘත කරගන්නවා. ඊටත් පස්සේ ඇයට සිනමාවේ දොරටුව විවර වෙනවා. ටනාෂාගේ ගමන වෙනස් වෙන්නෙ ඊටත් පස්සේ. ඒ ඇය ටෙලිනාට්‍ය සමඟ සම්බන්ධ වීමත් එක්ක.
ටනාෂා හතරසිංහ කියන්නේ මේ දිනවල විකාශයවන නීල පබළු නාට්‍යයේ හැමෝම ආදරය කරන කුරුලු. දෙමාපියන්ගේ රැකවරණය යටතේ හැදෙන වැඩෙන කුරුලු හරිම අහිංසක තරුණියක්. මේ චරිතය නිසා ටනාෂාට ආදරය කරන විශාල පිරිසක් නිර්මාණය වෙලා තියෙනවා.
නිරූපිකාවක් වෙලා ලෝකය දිනන්න හීන දැකපු ටනාෂා දැන් නිළියක්. ඇය නිරූපිකාවක් ලෙස දුටු සිහිනයත් යම්තාක් දුරකට සැබෑ කරගන්නවා. ඒ මිස් ග්ලෝබල් ඉන්ටර්නැෂනල් තරඟාවලියක මිනි ටයිටල් එකක් දිනා ගනිමින්.
නිළියක් ලෙස සාර්ථක ගමනක් යන්න ටනාෂා බලාපොරොත්තු වෙනවා. මේ වෙද්දිත් ඇය වටා ආදරණීය රසික පිරිසක් එකතුවෙලා ඉන්නවා.
ටනාෂා ඇය රඟපාන කුරුලුගේ චරිතය වෙනුවෙන් ලැබෙන ආදරණීය ප්‍රතිචාරවලට හරිම ලෙන්ගතුයි.
“මගේ ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර සම්බන්ධයෙන් මම හුඟක් සතුටු වෙනවා. මාත් එයාලට ගොඩක් ආදරෙයි”
ටනාෂා ප්‍රේක්ෂක ප්‍රතිචාර වැළඳගන්නේ ඒ විදියට.
රංඟන ක්ෂේත්‍රය ගැහැනු ළමයෙක්ට නුසුදුසු තැනක් කියලා පිළිගන්න ටනාෂා සූදානම් නැහැ. ඇයට මේ වනතුරු කිසිම ආකාරයේ පහත් යෝජනාවක් ඇවිල්ලත් නැහැ. ටනාෂාට ෆීල්ඩ් එක සම්බන්ධයෙන් තියෙන්නෙ සුබවාදී ආකල්පයක්.