Daily News
Trending

එයා හරිම ලැජ්ජාශීලී කෙනෙක්.-අයිශාරා අතුකෝරල

Aishara Athukorala




Aishara Athukorala’s Elder Daughter Exclusive from Starfiends.lk

අයිශාරා අතුකෝරල දෙවැනි වතාවට මව් පදවිය ලැබුවේ ඉතාම මෑතකදී. ඇය ගර්භනී සමයේ සිටම ඉතාම සැහැල්ලුවෙන් සහ විනෝදයෙන් කාලය ගත කළා. ඒ වගේම ඇය ලංකාවේ මව්වරුන්ට හොඳ ආදර්ශයක් දුන්නා. ඒ තමයි ගර්භනී සමයේ සැහැල්ලුවෙන් සහ සතුටින් ජීවිතයට මුහුණදෙන ආකාරය පෙන්වා දීම. ඇය එම කාලයේ ව්‍යායාම කළා. විනෝදයෙන් කල් ගත කළා. ලස්සනට ඇන්දා. ෆැෂන් කළා. ඒ සැහැල්ලුවෙන්ම ඇය සුරංගනාවියක් වගේ සුන්දර දියණියක් බිහි කළා.

අයිශරාගේ පුංචි දියණියගේ ඡායාරූප උත්තරීතර මව් පදවිය සහ පිය පදවිය කියාපාන සංකේත බව එම ඡායාරූප රසවිඳි සුවහසක් රසවතුන්ට හැඟී යන්න ඇති. ඒ තරමට ඒ ඡායාරූප ආදරණීය වුණා.

පුංචි දියණියත් එක්ක මේ තුන්දෙනාම ළඟදී දිනක ලංකාවට ආවා. ඒ එයාලාගේ වැඩිමහල් දියණියගේ උපන්දිනය වෙනුවෙන්. ඇයත් දැන් ඉතාම සුන්දර පොඩි කෙල්ලක්. එයා නංගිව පිළිගන්නේ හරිම ආදරෙන්. චූටි නංගි ඉපදෙන වෙලාවේ ඇය හිටියේ ලංකාවේ. ආයෙත් යද්දි මේ හැමෝම එකට ජීවත් වෙන්න යනවා. මොකද දැන් අක්කලා නංගිලාට වෙන් වෙලා ඉන්න බැහැනේ.

අයිශාරා නම් කියන්නේ එයාලගේ ලොකු දුව හරීම අහිංසක සහ ලැජ්ජාශීලී දරුවෙක් කියලා. ඇය චිත්‍රපට බලන්න, පොත් කියවන්න වගේම චිත්‍ර අඳින්නත් දක්ෂයි. ඒත් කලාවට යොමුවෙයිද කියන්න නම් තවම දන්නේ නැහැ.

අයිශාරාගේ පුංචි පවුල නැවතත් ලන්ඩන් යනවා. ඒ ගියාට ඉතින් හොඳ වැඩක් ලැබුණොත් ඒකට සම්බන්ධ වෙන්නත් අයිශාරාගේ අදහසක් තියෙනවා.

හැබැයි අයිශාරාට නිරූපණ කටයුතුවලින් නම් තරමක් දුරට ඈත් වෙන්න සිදුවේවි. මේ හැම දේම සාර්ථක වෙන්න කියලා අපි අයිශාරාට සුබපතනවා.

Aishara Athukorala’s Elder Daughter Exclusive from Starfiends.lk

 

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close