Daily News
Trending

එයා මනාලියක් වෙනවා දකින්න අමාරුයි. -ශේෂාද්‍රි ප්‍රියසාද්

Shanudrie Priyasad




Priyasad Sisters Exclusive from Starfriends.lk

සහෝදර ප්‍රේමය හරිම ප්‍රබලයි. ලේ වලින් ඇතිකරන බැඳීම ලෙහෙසි පහසු එකක් නෙමෙයි. සහෝදරියන්ම තිදෙනෙක් සිටින පවුලක ඒ සහෝදරියන් අතර තිබෙන බැඳීමත් අන්න ඒ වගේ.

දම්වැලක පුරුක් වගේ එකට ගැටගැහුණ මේ අක්කා නගෝ ප්‍රේමය මොනවගේද කියලා ශේෂාද්‍රි ප්‍රියසාද් ඉන්ස්ටර්ග්‍රෑම් සටහනකින් ප්‍රකාශ කරලා තිබුණා.

පසුගිය දවසක ශනුද්‍රි, ශේෂාද්‍රි සහ දිනක්ෂි එකම වේදිකාවක දී අතිශය සංවේදී ඉදිරිපත් කිරීමක් කළා. කල්තියාම අක්කා නගෝලා මේ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පොඩි පොඩි ඉඟි පළකරලා තිබුණා. ඒත් කිසිම කෙනෙක් හිතන්න නැහැ ඒක මේ තරම් සංවේදී අවස්ථාවක් වෙයි කියලා.

නිර්මාණයට අදාල කතාව ගොඩනැඟුනේ “කැදැල්ලේ ඇති වූ කිරිල්ලී වගේ දෙමාපියන් සෙවණේ …. ” කියන ගීතයෙන්. මංගල ගමනට නික්ම යන්නේ දිනක්ෂි සහ ශේෂාද්‍රි ගේ බාලම නැගණිය. වේදිකාව මත ශනුද්‍රි මනාලියක් වී මේ ගීතයට සිය රංඟනය නිරූපනය කරද්දි අක්කලා දෙන්නා දෙවැනි මනාලියන් සේ හැඩවී ඇය දෙපසින් ඉන්නවා. නිර්මාණයක් වුණත් ඒ දර්ශනය කාගෙත් ඇස්වලට සතුට දුක මිශ්‍ර කඳුළක් එක් කරනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ ශනුද්‍රිට ගොඩාක්ම කිට්ටු ශේෂාද්‍රි සංවේදී වෙනවා. සහෝදරියන් දෙදෙනා ශනුද්‍රිව වැළඳගෙන සිටිනා සංවේදී ඡායාරූපයක් සමඟ ශේෂාද්‍රී පුංචි සටහනකුත් පළකරනවා. එහි කියැවී තිබුණේ ඇත්තටම ශනුද්‍රි මනාලියක් වන දර්ශනය දකින්න අපහසු බවයි. ඒ තරමට ඔවුන් ලේ වලින් බැඳිලා ඉන්නේ. පවුලේ බාලයා මෙන්ම හුරතලාද වන ශනුද්‍රි සම්බන්ධයෙන් ඇයගේ අක්කලාට තිබුණේ අසීමිත ආදරයක්. ඒ අතින් ශනූ හරිම වාසනාවන්තයි.

Priyasad Sisters Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close