
උදාරි වර්ණකුලසූරිය කියන්නේ ටෙලි තිරයේ කෙලිලොල් දඟකාර රංගන ශිල්පිනියක් කිවොත් හරි. දියණියක මවක් විමෙන් පස්සේ ඇය ටිකක් රංගනයෙන් ඈත් වෙලා තමයි හිටියේ. වර්තමානයේ දි ඇය ආයෙත් රංගනයට එකතුවෙලා තියෙනවා ටෙලි නිර්මාණ කිහිපයකින්ම.
අද කියන්නේ උදාරිගේ පුරුද්දක් ගැන. උදාරි ඉපදිලා මේ අවුරුදු තිහටම කවමදාකවත් කිරි තේ පිටින් බිලා නෑලු. රඟපාන සෙට් එකට ගියත්නෑ හිතවතෙකුගේ ගෙදරට ගියත් කොහේ ගියත් කවුරු දුන්නත් කිරි තේ බොන්නේ නැහැලු. කෝපි එකක් ප්ලේන් ටී එකක් වගේ තමයිලු උදාරි පිටින් බොන්නේ.
ඒ වගේම මේ අවුරුදු තිහටම උදාරි බිලා තියෙන්නේ තාත්තා හදල දීලා තියෙන කිරි විතරලු. ඉතින් උදාරි කියන්නේ තාත්තා නැති දවසක උදාරි කිරි තේ බොන එක නතරකරයි කියලා තමයි.